E   |     |  

2025 මැයි මස 23 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීම
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
3 : ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජික මන්ත්‍රීන් සඳහා පවත්වන සම්මන්ත්‍රණය


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම්


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා    -  පෙත්සම් දෙකයි
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා  - පෙත්සම් දෙකයි
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා  - පෙත්සම් තුනයි
(viii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු  සජිත් ප්‍රේමදාස මහතා
IMF ගිවිසුම සහ විදේශ ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටළු

(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ලුණු නිෂ්පාදනය සහ අලිමංකඩ ලුණු ලේවාය සම්බන්ධ ගැටළු

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ

“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු බලශක්ති අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 2 පමණක් සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)
(ii)    විදේශීය ණය (ඉවත් කිරීමේ)

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු උපුල් කිත්සිරි මහතා
(ii)    ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා



අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1644  ට 2025 ජුනි මස 3 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks