පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXV කොටස;
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLV කොටස සහ තෙවැනි කාණ්ඩයේ XVIII කොටස; සහ
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා ධීවර ත්‍යාග අරමුදලේ කාර්ය සාධන වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(v) 2023 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව.
(vi) 2021 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු කේ. කාදර් මස්තාන් මහතා
උතුරට අත්හිටුවන ලද දුම්රිය සේවා යළි ආරම්භ කිරීම
(ii) ගරු දිලිත් ජයවීර මහතා
සංචාරක කර්මාන්තයේ ගැටළු
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) දූෂණ විරෝධී පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1641 ට 2025 ජුනි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks