පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ‘කාන්තාවන් සවිබලගැන්වීමට අදාළ දිස්ත්‍රික් මට්ටමේ නියමු ව්‍යාපෘතිය’ පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ I කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v) 2024 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(vi) 2024 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(vii) 2024 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(viii) 2024 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(ix) 2024 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(x) 2024 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xi) 2024 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xii) 2024 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xiii) 2024 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xiv) 2024 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.
(xv) 2024 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvi) 2024 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.
(xvii) 2024 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xviii) 2024 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xix) 2024 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.
(xx) 2024 වර්ෂය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxi) 2024 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxii) 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්රතිතෝලන බදු පනතේ 64, 65, 66, 69 සහ 70 වගන්ති සමඟ කියවිය යුතු 84 වගන්තිය යටතේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 මාර්තු 27 දිනැති අංක 2429/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xxiii) 2024 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxiv) 2023 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xxv) 2024 වර්ෂය සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxvi) 2024 වර්ෂය සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxvii) 2024 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxviii) 2024 වර්ෂය සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xxix) 2024 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා
(vii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා
(viii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා - පෙත්සම් පහයි
(ix) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආන්දෝලනාත්මක නැව් බහාලුම් 323ක් මුදා හැරීම පිළිබඳ විමර්ශන වාර්තාව
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගැටළු
ගරු බලශක්ති අමාත්‍යවරයා සහ ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ජාතික විගණන (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ආබාධිත ප්‍රජාව ආර්ථික වශයෙන් ඵලදායී ක්‍රියාකාරකම්වල නිරත කරවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ජූලි මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks