පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිව්වැනි වාර්තාව (2024 ජුනි මාසය සිට 2024 දෙසැම්බර් මාසය දක්වා කාල පරිච්ඡේදය සඳහා).
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v) 2024 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(vi) 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vii) 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් අංශයේ කාර්ය සාධන වාර්තාව.
(viii) 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ කෘෂිකර්ම, පශු සම්පත් අංශ සහ පෙර පැවති වැවිලි කර්මාන්ත අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ix) 2024 වර්ෂය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x) 2024 වර්ෂය සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi) 2024 වර්ෂය සඳහා පෙර පැවති ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xii) 2022 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xiii) 2024 වර්ෂය සඳහා වෙෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xiv) 2024 වර්ෂය සඳහා අම්පාර, කොළඹ, කළුතර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, හම්බන්තොට, මොනරාගල, ගාල්ල, පුත්තලම, මාතර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, ගම්පහ, මහනුවර, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, කුරුණෑගල, මාතලේ, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා.
(xv) 2024 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvi) 2024 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(vii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අම්බිකා සාමිවෙල් මෙනෙවිය - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. සමන්ත රණසිංහ මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
සහල් සඳහා පාලන මිල ආදිය
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
යාපනයේ ගොවීන් මුහුණ දෙන ගැටළු
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා වූ
“රබර් පාලන (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2019.04.21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ජූලි මස 11 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks