E   |     |  

2025 ජූලි මස 11 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සමාරම්භක රැස්වීම
2 : ‘ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු’ පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති,

•    රාජ්‍ය බැංකු පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 02 කොටස;
•    සංස්ථා - මණ්ඩල - කාර්යාංශ පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 02 කොටස; 
•    විශ්වවිද්‍යාල, පශ්ච‍ාත් උපාධි ආයතන හා උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 02 කොටස; 
•    ව්‍යවස්ථාපිත හා අනෙකුත් අරමුදල් පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 02 කොටස; සහ
•    රාජ්‍ය සමාගම් පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 09 කොටස

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව.

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති,

•    ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 01 කොටස;
•    දෙපාර්තමේන්තු පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 01 කොටස; 
•    දිස්ත්‍රික් ලේකම් කාර්යාල පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 01 කොටස; 
•    අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 01 කොටස; 
•    විදේශාධාර ව්‍යාපෘති පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 04 කොටස; 
•    පළාත් සභා පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 05 කොටස; 
•    පළාත් පාලන ආයතන පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩයේ 06 කොටස; සහ
•    පරිසර විගණන සහ කාර්ය සාධන විගණන පිළිබඳ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකොලොස් වන කාණ්ඩය

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii)    2024 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කා‍ර්ය සාධන වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v)    2024 වර්ෂය සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.
(vi)    2024 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vii)    සංශෝධිත, 1999 අංක 8 දරන දුම්කොළ බදු පනතේ 2 වගන්තිය යටතේ බීඩි සඳහා දුම්කොළ බද්දක් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අප්‍රේල් 01 දිනැති අංක‍ 2430/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(viii)    2024 වර්ෂය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ix)    2024 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x)    2024 වර්ෂය සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කා‍ර්ය සාධන වාර්තාව.
(xi)    1959 අංක 16 දරන තේ (අපනයන බදු සහ පාලන) පනතේ 7(1) සහ 8(2) වගන්ති සමඟ කියවිය යුතු 15 වගන්තිය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති විසින් සාදන ලදුව, 2023 අගෝස්තු 05 දිනැති අංක‍ 2343/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. 
(xii)    2024 වර්ෂය සඳහා හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්.
(xiii)    2024 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්.
(xiv)    2024 වර්ෂය සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xv)    2024 වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xvi)    1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 ජුනි 04 දිනැති අංක‍ 2439/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. 
(xvii)    2022 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xviii)    2023 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(xix)    2024 වර්ෂය සඳහා පෙර පැවති කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා  
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතා
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා 
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය  
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා  -  පෙත්සම් දෙකයි 
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතා
රජයේ පරිවර්තක සේවයේ ගැටළු

(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් සඳහා රැකියා

 

අමාත්‍යාංශ නිවේදන

චාවකච්චේරි මූලික රෝහලේ වෛද්‍ය කස්තුරි ජීවගන් මාරු කිරීම සම්බන්ධයෙන් 2025.03.11 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍ය, ගරු  (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

සිවිල් සහ වාණිජ ආරාවුල් සමථකරණය සඳහා ද; 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ

“සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්)”

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2, 14 සහ 4 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- 

•    සමුපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය නිසි අධීක්ෂණයකට ලක් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම

ජනතාවට ඉතාම සමීප සමුපකාර ග්‍රාමීය බැංකු රැසක් පසුගිය කාලයේ දී විවිධ හේතු මත බිඳ වැටීමෙන් එහි තැන්පත්කරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින හෙයින් මෙම තත්ත්වය වළක්වාලීම සඳහා එම බැංකු රජය විසින් නිසි අධීක්ෂණයකට ලක් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ශ්‍රී ලංකා විදේශ සේවයේ පත්වීම් ලබාදීම විධිමත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ඔසවා තබන විදේශ සේවය සඳහා සිදු කරන ලද දේශපාලන පත් කිරීම් හේතුවෙන් එම සේවයේ ගුණාත්මකභාවය බිඳ වැටී අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වී තිබෙන හෙයින් එම තත්ත්වය වළක්වාලීම සඳහා විදේශ සේවයට සිදු කරනු ලබන සියලුම පත් කිරීම් තරඟ විභාග ප්‍රතිඵල සහ කුසලතාවය මත සිදු කිරීම‍ට රජය විසින් වැඩසටහනක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලි‍මේන්තුව යෝජනා කරයි.

•    සෑම තරුණයෙකුම ඵලදායි රැකියාවක නියුතු පුද්ගලයෙකු හෝ ස්වයං රැකියාවක නියුතු ව්‍යවසායකයෙකු බවට පත් කිරීම

වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සෑම තරුණයෙකුටම ඵලදායි රැකියාවක නියැලීමේ අයිතිය තිබිය යුතු අතර, රැකියාවක නිරත නොවන්නේ නම්, ස්වයං රැකියාවක නියුතු ව්‍යවසායකයෙකු බවට පත්වීම සඳහා මූල්‍ය ආධාර ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1518 ට 2025 ජූලි මස 22 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks