පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව, සභාවේ විශේෂ අවසරය ඇතිව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්.
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXII කොටස;
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXI කොටස;
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIX කොටස සහ නවවැනි කාණ්ඩයේ XXVIII කොටස; සහ
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ II කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(ii) 2023 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv) රාජ්‍ය ණය සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශය මත, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යතිරේකය සහ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 19, 20, 21, 22 සහ 23 වගන්ති සමඟ කියවිය යුතු 35 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2025 ජුනි 30 දිනැති අංක 2443/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(v) 2023 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(vi) 2022 වර්ෂය සඳහා ලංකා සතොස ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව.
(vii) 2022 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(viii) 2024 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ix) 2023/2024 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(x) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xi) 2023 වර්ෂය සඳහා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව.
(xii) 2023 වර්ෂය සඳහා ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.
(xiii) 2024 වර්ෂය සඳහා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xiv) 2024 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xv) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 ජුනි 13 දිනැති අංක 2440/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
අලි මිනිස් ගැටුම
ගරු පරිසර අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෝට්ටු සේවය
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා
පොලිසිය සමඟ ඇති වූ සිදුවීම
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය
හන්තාන ඉඩම් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ‘කෝප්’ කමිටුවේදී එල්ල වූ අසත්‍ය චෝදනාවක් පිළිබඳව
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ඉඩම් සංවර්ධන (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත - තුන්වැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 181; විරුද්ධව 0)
(ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත - තුන්වැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 181; විරුද්ධව 0)
(iii) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත – සංශෝධන සහිතව
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සීනි සමාගම්වල සේවකයින් මුහුණ දෙන ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2025 ජූලි මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks