E   |     |  

2025 ජූලි මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු එරංග ගුණසේකර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යා‍පන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ (වෙළුම I - සාමාන්‍ය අධ්‍යාපනය, වෙළුම II - උසස් අධ්‍යාපනය සහ වෙළුම III - වෘත්තීය අධ්‍යාපනය) වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල අධ්‍යාපන, උසස් අධ්‍යා‍පන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. 
(iv)    2024 වර්ෂය සඳහා ශීර්ෂ අංක 04 - උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාර්ය සාධන වාර්තාව.
(v)    2024 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කා‍ර්ය සාධන වාර්තාව.
(vi)    2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.06.01 සිට 2025.06.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(vii)    2021/2022 වර්ෂය සඳහා බී සී සී ලංකා ලිමිටඩ්හි ව‍ාර්ෂික වාර්තාව.
(viii)    2021/2022 සහ 2022/2023 වර්ෂ සඳහා ජාතික ලුණු සමාගමේ ව‍ාර්ෂික වාර්තා සහ ගිණුම්.
(ix)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව.
(x)    2024 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය සාධන වාර්තාව.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ආර්. එම්. ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා  -   පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය - පෙත්සම් දෙකයි 
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා - පෙත්සම් හතරයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතා
උතුරේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන ලද ඉඩම්

(ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
මන්නාරමේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා අලෙවිසැලක් විවෘත කිරීම

ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
ඇගේ පියාට එරෙහි චෝදනාව


කල් තැබීමේ යෝජනාව

“යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1802 ට 2025 ජූලි මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks