පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
2 : ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
3 : ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(ii) 2023 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව.
(iii) 2023 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(v) 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vi) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vii) 2024 වර්ෂය සඳහා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(viii) 2024 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු මුනීර් මුලාෆර් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා - පෙත්සම් දෙකයි
(vii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා
(viii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ඖෂධවේදීන්ගේ හිඟය, බඳවා ගැනීම්, බලපත්‍ර අලුත් කිරීම යනාදිය
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු රවී කරුණානායක මහතා
උද්ධමන ඉලක්ක සපුරා ගැනීමට මහ බැංකුව අපොහොසත් වීම
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම
අමාත්‍යාංශ නිවේදන
රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සම්බන්ධයෙන් 2025.06.19 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ ය
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එරංග ගුණසේකර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
ශෝක ප්‍රකාශ යෝජනා
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු ඒ. පිලපිටිය මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු ලකී ජයවර්ධන මහතා
(v) අභාවප්‍රාප්ත ගරු මාලනී ෆොන්සේකා මහත්මිය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 අගෝස්තු මස 5 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks