E   |     |  

2025 අගෝස්තු මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා සීමාසහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii)    2023 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.
 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා              
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා - පෙත්සම් දෙකයි 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා - පෙත්සම් තුනයි 
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා - පෙත්සම් දෙකයි 
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා                    
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතා
ශුද්ධ වූ කුරානයේ දෙමළ පරිවර්තනයක් අඩංගු බහාලුමක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීම

(ii)    ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
පලාලි ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු

ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

විදේශීය සංචාරකයින් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත
(iii)    ක්‍රීඩා පනත යටතේ නියෝග
(iv)    අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1743 ට 2025 අගෝස්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks