E   |     |  

2025 අගෝස්තු මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව     
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම     


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ 2025 පෙබරවාරි 12 දින ඇතිකර ගත් ගිවිසුම.
(ii)    2023 වර්ෂය සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව හි ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(iii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v)    2022/2023 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව.
(vi)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(vii)    2023 වර්ෂය සඳහා ඕෂන් විව් ඩිවෙලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව.
(viii)    2024 වර්ෂය සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය - පෙත්සම් දෙකයි 
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා                    
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා                    
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා                    
(viii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා
(ix)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව මත පනවා ඇති තීරුබදු හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග

(ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර ක්‍රියාත්මක වූ බෝට්ටු සේවා පිළිබඳ විස්තර

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(ii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iii)    මුදල් පනත ය‍ටතේ නියෝගය
(iv)    ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ඩිජිටල් ආර්ථිකය සඳහා වූ මාර්ග සිතියම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1738 ට 2025 අගෝස්තු මස 22 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks