E   |     |  

2025 අගෝස්තු මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව.
(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.
(iii)    2020 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv)    2020 වර්ෂය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(v)    2025 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව.
(vi)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(vii)    2025 අංක 02 දරන පරිපූරක ඇස්තමේන්තුව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම්  මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා - පෙත්සම් තුනයි 
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
සංක්‍රමණය වූ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ විස්තර

(ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
වන්නි දිස්ත්‍රික්කයේ තෘණ බිම් හිඟය හේතුවෙන් පශු සම්පත් ගොවීන් මුහුණ දෙන ගැටළු

ගරු ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ලීසිං සමාගම්වල ක්‍රියාකාරකම් නියාමනය කිරීම සම්බන්ධයෙන් 2025.08.06 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය. 


කල් තැබීමේ යෝජනාව

“මෙරට මානව හිමිකම් සම්බන්ධ ගැටළු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1754 ට 2025 සැප්තැම්බර් මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks