පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම පිණිස මන්ත්‍රීවරයෙක් පත් කිරීම
2 : පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
3 : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
4 : ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31(1)(ආ) වගන්තිය ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව, මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ii) 2023 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ කාර්ය සාධන වාර්තාව.
(v) 2023 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව.
(vi) 2024 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(vii) 2024 වර්ෂය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(viii) 2023 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(ix) 2022 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(x) 2022 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව.
(xi) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව.
(xii) 2023 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව.
(xiii) 2023 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xiv) 2024 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදලේ කාර්ය සාධන වාර්තාව.
(xv) 2024 වර්ෂය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු තුෂාරි ජයසිංහ මහත්මිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
1990 දී කුරුක්කල්මඩම් ගම්මානයේදී එල්ටීටීඊය විසින් මුස්ලිම් පුද්ගලයින් 70 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
පලාලි හමුදා කඳවුර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටළු
ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
උතුරේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන ලද ඉඩම් සම්බන්ධයෙන් 2025.07.24 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පරිසර අමාත්‍ය, ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
දෙවැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 151; විරුද්ධව 1) සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1747 ට 2025 සැප්තැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks