E   |     |  

2025 සැප්තැම්බර් මස 12 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VI කොටස, තෙවැනි කාණ්ඩයේ V හා VI කොටස් සහ නවවැනි කාණ්ඩයේ III හා XLV කොටස්.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 අගෝස්තු 15 දිනැති අංක‍ 2449/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, සාමාජික මන්ත්‍රී ගරු රවුෆ් හකීම් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා  -  පෙත්සම් තුනයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා  
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගම‍ගේ මහතා  -  පෙත්සම් හතරයි 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ගුරු බඳවා ගැනීමේ ගැටළු සහ වෛද්‍ය සිසුන් මුහුණ දෙන දුෂ්කරතා සහ අධ්‍යාපන අංශයේ අනෙකුත් ගැටළු

(ii)    ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකාවේ නිල සංචිත පිළිබඳ විස්තර

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වූ

“ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු පී. දයාරත්න මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු ගාමිණී ලොකුගේ මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු එම්. එච්. සේගු ඉසඩීන් මහතා
(v)    අභාවප්‍රාප්ත ගරු ඩබ්ලිව්. බී. රණතුංග මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1556 ට 2025 සැප්තැම්බර් මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks