පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
2 : ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණය
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා වවුනියා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(ii) 2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.08.01 සිට 2025.08.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(iii) 2025 අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා - පෙත්සම් හයයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා - පෙත්සම් දෙකයි
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
පළාත් පාලන ආයතනවල මූල්‍ය හිඟයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම
ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
නව අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබඳ විස්තර
ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.
අමාත්‍යාංශ නිවේදන
නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ ඛේදජනක අනතුර සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“විදුලි ගාස්තු අඩු කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1739 ට 2025 සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks