බලන්න

E   |     |  

2025 සැප්තැම්බර් මස 26 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව.
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් හතරයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා            
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා        
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා - පෙත්සම් දෙකයි 
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා                    
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
සීනි කර්මාන්තයේ ගැටළු

(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු හේතුවෙන් හමුදාව විසින් පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධ ගැටළු

ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 


අමාත්‍යාංශ නිවේදන

(i)    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස ඉදිකිරීම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    යාපනයේ තිස්ස රජ මහා විහාරය ඉදිකිරීම සම්බන්ධයෙන් 2025.03.06 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම ‍සඳහා ද වූ

“විසර්ජන”

නමැති පනත් කෙටුම්පත ගරු වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාවට ඉදිරිපත් කර ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ඔක්තෝබර් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks