බලන්න

E   |     |  

2025 ඔක්තෝබර් මස 07 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XI කොටස හා තෙවැනි කාණ්ඩයේ IX කොටස.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii)    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීමේ කමිටුව, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පිහිටුවන ලද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සියලු පරදු දරන්නන් විමසා සහ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ඇතුළු වෙනත් සියලු අදාළ සාධක පිළිබඳ සැලකිල්ලට ගෙන 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118(4) වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 ජූලි 21 දිනැති අංක‍ 2446/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. 
(iv)    2022/2023 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව.
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. 
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා                   
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා - පෙත්සම් දෙකයි 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා - පෙත්සම් දෙකයි 
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා - පෙත්සම් දෙකයි 
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
තිරසාර ණය කළමනාකරණය සඳහා රජයේ යෝජිත උපාය මාර්ග

(ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
උතුරු පළාතේ ධීවරයින්ගේ ජීවනෝපාය සහ වෙරළාශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගැනීම

ගරු ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක (i) සභාව විසින් සම්මත කරන ලද අතර, අයිතම අංක (ii) සභාව විසින් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී :-

(i)    ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. අබ්දුල් වාහිද් මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1737 ට 2025 ඔක්තෝබර් මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks