පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
2 : ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
3 : පාර්ලිමේන්තුවේ නවරාත්‍රී උත්සවය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් විසින් ප්‍රදානය කරන උපදේශන මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 මැයි 28 දිනැති අංක 2438/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ජාල ආරක්ෂාව සහ වෝහාරික විද්‍යාව පිළිබඳ පරිගණකවිද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 ජුනි 18 දිනැති අංක 2441/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් - මහනුවර ශාඛාව විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව සහ ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව යන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 ජුනි 18 දිනැති අංක 2441/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් - යාපනය ශාඛාව විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව සහ ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව යන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 ජුනි 18 දිනැති අංක 2441/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රියන්ත විජේරත්න මහතා
(vii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා
(viii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය තුරන් කිරීම
(ii) ගරු කේ. කාදර් මස්තාන් මහතා
වාහන අංක තහඩු නිකුත් නොකිරීම හේතුවෙන් ජාතික ආරක්ෂාව ආදියට එල්ලවන තර්ජනය
ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) සංක්‍රමණය වූ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ විස්තර සම්බන්ධයෙන් 2025.08.22 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) කන්කසන්තුරේ වරාය සංවර්ධනය සම්බන්ධයෙන් 2025.07.23 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(iii) රජයේ පරිවර්තක සේවයේ ගැටළු සම්බන්ධයෙන් 2025.07.11 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පරිපූරක මුදල — ශීර්ෂය 117 — වැඩසටහන 02 (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ත්‍රිකුණාමලයේ පවරාගත් ඉඩම් ජනතාවට නිදහස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2025 ඔක්තෝබර් මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks