බලන්න

E   |     |  

2025 ඔක්තෝබර් මස 23 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : 2025 ‍නොවැම්බර් 07 සිකුරාදා ආරක්ෂක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 18(3) වගන්තියේ (ඊ) ඡේදය සමඟ කියවිය යුතු 50 වගන්තිය යටතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියම සහ ‍කොන්දේසි සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 අගෝස්තු 26 දිනැති අංක‍ 2451/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා තුනක්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ජයවර්ධන මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා - පෙත්සම් දෙකයි 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් බිඳ වැටීම සහ සයිබර් ආරක්ෂණ අර්බුදය

ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

කල් තැබීමේ යෝජනාව

“මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීති රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1751 ට 2025 ඔක්තෝබර් මස 24 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks