පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ගරු අරවින්ද සෙනරත්, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
2 : 2026 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අදාළ ආරාධනා පත්‍ර
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2025 වර්ෂයේ පළමුවන සහ දෙවන කාර්තු සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
2025 අයවැයෙන් ක්‍රියාත්මක කරන ලද යෝජනා, ලබාගත් ප්‍රතිඵල ආදිය
(ii) ගරු රවී කරුණානායක මහතා
උද්ධමන ඉලක්කය 2% වෙනුවට 5%ක් ලෙස නියම කිරීමට රජය සහ මහ බැංකුව ගත් තීරණය
අමාත්‍යාංශ නිවේදන
(i) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය පිළිබඳව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් 2025.10.08 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) මැණික් හා ස්වර්ණාභරණ අංශය පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.10.10 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
ශෝක ප්‍රකාශ යෝජනා
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු ලොහාන් රත්වත්තේ මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු හීන්මහත්මයා ලියනගේ මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු ඩික්සන් ජේ. පෙරේරා මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) මර්වින් ඩී. ද සිල්වා මහතා
(v) අභාවප්‍රාප්ත ගරු වයි.ජී. පද්මසිරි මහතා
(vi) අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. ආර්. චූල බණ්ඩාර මහතා
(vii) අභාවප්‍රාප්ත ගරු මාණිකාවාසගර් කනගසභාපති එලවෙන්තන් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“‘දියවඩන නිලමේ’ තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී ප්‍රාදේශීය ලේකම්වරියන්ට ද ඡන්ද බලය ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1707 ට 2025 නොවැම්බර් මස 7 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks