E   |     |  

2025 නොවැම්බර් මස 14 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අසභ්‍ය වචන භාවිතා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LII කොටස; සහ
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVII, XXVIII හා XXIX කොටස්, තෙවැනි කාණ්ඩයේ XIX හා XX කොටස් සහ නවවැනි කාණ්ඩයේ XV හා XVI කොටස්


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා  
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා - පෙත්සම් දෙකයි     
  
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
යාපනයේ වඩමාරච්චි නැගෙනහිර මාර්ගවල අබලන් තත්ත්වය

ගරු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීම සඳහා වූ

“ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2026) - දෙවැනිවර කියවීම (හයවැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 160 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 42 ක් ප්‍රකාශ විය.

විසර්ජන පනත් කෙටුම්පත (2026) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1828 ට 2025 නොවැම්බර් මස 15 වැනි සෙනසුරාදා පැය 0900 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks