E   |     |  

2025 නොවැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතන‍යේ වාර්ෂික වාර්තාව.
(iv)    2022 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා       
                        
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
මුස්ලිම් හෙදියන්ගේ නිල ඇඳුම වෙනස් කරන ලෙස ඉල්ලීම 

ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


අමාත්‍යාංශ නිවේදන

පොලිස් වාර්තාවක් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව ‘අරුණ’ පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (එකොළොස්වැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

(ii)    ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1827 ට 2025 නොවැම්බර් මස 21 වැනි සිකුරාදා පැය 0900 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks