පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න සඳහා මාර්ගෝපදේශය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 24 දිනැති අංක 2459/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(ii) 2022/2023 සහ 2023/2024 වර්ෂ සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තා.
(iii) 2024 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව.
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඌව පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(v) 2024 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
පුත්තලම මූලික රෝහල සම්බන්ධයෙන් විස්තර
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (දොළොස්වැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණු නිෂ්පාදනය සඳහා පහසුකම් සැලසීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1815 ට 2025 නොවැම්බර් මස 22 වැනි සෙනසුරාදා පැය 0900 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks