E   |     |  

2025 නොවැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : න්‍යාය පත්‍රයේ වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න පෙළගැස්වීම සම්බන්ධයෙන්     


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXX (30) කොටස සහ නවවැනි කාණ්ඩයේ XVII (17) කොටස.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාවේ අතුරු අනුව්‍යවස්ථාව සහ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 6(ආ), (ඇ) සහ (ඒ), 16 සහ 31 වගන්ති සමඟ කියවිය යුතු 35 වගන්තිය යටතේ රාජ්‍ය ණය සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශය මත, ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2025 ඔක්තෝබර් 24 දිනැති අංක 2459/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මිය - පෙත්සම් පහයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය       
         
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු කේ. කාදර් මස්තාන් මහතා
අධ්‍යාපනය ලබාදීමේදී  සහ විභාග කාලසටහන් සැකසීමේදී සමානත්මතාවය සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම

 

අමාත්‍යාංශ නිවේදන

(i)    මඩකලපුවේ පුරාවිද්‍යා ස්ථාන වෙත මග පෙන්වීමේ පුවරු ඉවත් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    ඉන්දු - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.11.08 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය, ගරු වසන්ත සමරසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(iii)  රණවිරු දෙමාපියන්ට ගෙවන දීමනාව අත්හිටුවීම පිළිබඳ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (දහහතරවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    සිවිල් ගුවන් ‍සේවා පනත යටතේ නියෝග — අනුමත කිරීමට
(iii)    සිවිල් ගුවන් ‍සේවා අධිකාරිය පනත යටතේ නියෝග


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටළු ආදිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු ෂන්මුගම් කුගදාසන් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1908 ට 2025 නොවැම්බර් මස 25 වැනි අඟහරුවාදා පැය 0900 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks