07

E   |     |  

සැප්තැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2024 සැප්තැම්බර් මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2024.08.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සහ 10 බලන්න)

(iii) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2024.08.09 දින නිකුත් කළ අංක 1(17) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2024.09.03 දිනට නියම කර ඇති අංක 2 විෂයය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
 

2024 සැප්තැම්බර් මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට ප.ව. 5.00

(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2024.08.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 21 බලන්න)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග දෙකක්

(2024.08.23 දින නිකුත් කළ අංක 1(18) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ අයිතම අංක 3, 1 සහ 2 බලන්න)

(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2024.08.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 බලන්න)

(v) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(vi) ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති

(පිළිවෙළින් 2024.08.09 සහ 2024.07.01 දිනැති අංක 2396/60 සහ 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2024.09.03 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතයන්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.09.04 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2024 සැප්තැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 සැප්තැම්බර් මස 06 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks