පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025 මාර්තු මස 15 සහ අප්‍රේල් 2 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2025 අප්‍රේල් මස 08 වැනි අඟහරුවාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 | (i) අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2025.03.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න) (ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය – අනුමත කිරීමට නියමිතයි (2025.03.21 දින නිකුත් කළ අංක 1(16) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න) |
ප.ව. 5.30 |
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමඟ කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීම – විවාදයකින් තොරව සම්මත කිරීමට නියමිතයි (2025.03.26 දින නිකුත් කළ අංක 1(17) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අංක පා. 29/2025 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න) |
ප.ව. 5.30 | යෝජනා සම්මතය පිළිබඳ ඡන්ද විමසීම |
2025 අප්‍රේල් මස 09 වැනි බදාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) |
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2025.03.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න) |
ප.ව. 5.00 | විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා දහහතක් – අනුමත කිරීමට නියමිතයි (2025.03.21 දින නිකුත් කළ අංක 1(16) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 2 සිට 18 දක්වා බලන්න) |
ප.ව. 5.00 සිට ප.ව. 7.00 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2025 අප්‍රේල් මස 10 වැනි බ්‍රහස්පතින්දා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 | 2025.03.14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) - තවදුරටත් පැවැත්වීමට නියමිතයි |
2025 අප්‍රේල් මස 11 වැනි සිකුරාදා |
|
පාර්ලිමේන්තු රැස්වීම නැත | |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks