E   |     |  

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2025 මැයි මස 16 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-‍

 

2025 මැයි මස 20 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය - අනුමත කිරීමට
(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 4 දරන විෂය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 මැයි මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය - අනුමත කිරීමට

(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 2 දරන විෂය බලන්න)

(ii) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය - අනුමත කිරීමට

(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 3 දරන විෂය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 මැයි මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි - අනුමත කිරීමට

(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 1 දරන විෂය බලන්න)

(ii) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් දහයක් - සම්මත කිරීමට

(2025.05.14 දින නිකුත් කළ අංක 2(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.22 දිනට නියම කර ඇති අංක 1 - 10 දක්වා විෂයන් බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 මැයි මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.05.09 දින අංක 51 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 45 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

 

සැ.යු.: 2025.05.22 දිනට නියමිත අයිතම අංක 1 වශයෙන් සඳහන් වන, 2025.05.09 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අංක 2(1) පරිපූරකයේ ප්‍රකාශයට පත් කරන ලද, “විදේශ ණය (අවලංගු කිරීමේ)” නම් පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම, එකී පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු නොකළහොත්, දැනටමත් නියමිත කටයුතු වලට අමතරව 2025 මැයි 23 වන සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට කාරක සභාව එකඟ විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks