01

E   |     |  

ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2025 ජූලි මස 8 සහ 22 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජූලි මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත කරගැනීමට)
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)
(ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත කරගැනීමට)
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)
(iii) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 6.00 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ජූලි මස 23 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 ජූලි මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ජූලි මස 25 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු ලකී ජයවර්ධන මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු ඒ. පිලපිටිය මහතා, හිටපු පා.ම.
(v) අභාවප්‍රාප්ත ගරු මාලනී ෆොන්සේකා මහත්මිය, හිටපු පා.ම.
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks