E   |     |  

ඔක්තෝබර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2025 ඔක්තෝබර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ඔක්තෝබර් මස 21 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(මෙම නියෝග 2025.10.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2025.10.10 දින නිකුත් කිරීමට නියමිත අංක 2(12) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(ii) පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත — කාරක සභාව
(2025.10.10 දින අංක 90 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 75 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 22 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය – අනුමත කිරීමට
(2025.08.25 දිනැති අංක 2451/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද ඉහත නියමය, 2025.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත)

(ii) (52 අධිකාරය වූ) සුරා බදු ආඥා පනත යටතේ රීති - අනුමත කිරීමට
(මෙම රීති 2025.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත)
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු ලොහාන් රත්වත්තේ මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු හීන්මහත්මයා ලියනගේ මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ඩික්සන් ජේ. පෙරේරා මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) මර්වින් ඩී. ද සිල්වා මහතා, හිටපු පා.ම.
(v) අභාවප්‍රාප්ත ගරු වයි.ජී. පද්මසිරි මහතා, හිටපු පා.ම.
(vi) අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. ආර්. චූල බණ්ඩාර මහතා, හිටපු පා.ම.
(vii) අභාවප්‍රාප්ත ගරු මාණිකාවාසගර් කනගසභාපති එලවෙන්තන් මහතා, හිටපු පා.ම.
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks