පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-02-10
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් හරහා කොවිඩ් 19 වෛරසය සමාජයට ඇතුල්වීමත්, මෙරට සමාජය ඔස්සේ වෛරසය සංචාරකයන්ට ව්‍යාප්ත වීම වැළැක්විමටත් ඉතා සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු බව ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව සැම විටම සෞඛ්‍ය රෙගුලාසි අනුව කටයුතු කළ යුතු බවත් මෙරට ජනතාවට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගැනීම ඒ සඳහා ගත හැකි තවත් ප්‍රායෝගික පියවරක් බවත් ඇමතිවරයා කීය.
විදේශිකයන් මෙරටට පැමිණීමේදී ඔවුනට පී. සී. ආර්. පරීක්ෂණයන්ට මුහුණ දීමට හා නිරෝධායනයට ලක් වීම හේතුවෙන් දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් යෙදවීමට සංචාරකයන්ට සිදුවීම පිළිබඳව සිය අදහස් දක්වමින් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය.
ඒ අනුව මාර්තු වන විට සමස්ත ජනගහනයෙන් 57% ක් එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු යොදා තිබෙන බවත් ඊයේ (09) රැස් වූ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී එතුමා පැවසීය.
උඩවලව ජාතික වනෝද්‍යානය සහ බෝගහපිටිය යෝජිත අභයභූමිය අතර පවතින දහයියාගල අලි ඇතුන් ගමන් ගන්නා ගමන් මගක් ලෙස තීරණාත්මක වැදගත්කමකින් යුතු අභය භූමියක් බවත් එම ප්‍රදේශ අයථා ලෙස එළිකිරීමට පටන් ගෙන තිබීම හේතුවෙන් වනය ඇතුළු අලි ඇතුන්ද තර්ජනයට ලක්ව තිබෙන බවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා මෙහිදී පැවසීය.
අලි ඇතුන් මෙරට සංචාරක ක්‍ෂේත්‍රයට සම්පතක් බවත්, සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා වන සම්පත හා වන සතුන් ආරක්ෂා කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා රට පිළිබඳව තොරතුරු ලබා ගැනීම සංචාරකයන් බොහෝ අවස්ථාවලදී වෙබ් අඩවි පරිශීලනය මගින් සිදු කරන නමුත්, සංචාරක ස්ථාන ආශ්‍රිත හෝටල්, ලැගුම්හල් සිය තොරතුරු යාවත්කාලින කිරීම පිළිබඳව සැහීමකට පත්වීමට නොහැකි බවද පෙන්වා දුන්නේය. ආකර්ශනීය ලෙස තොරතුරු, ඡායාරුප වෙබ් අඩවි වල පළ කර තිබුණද ප්‍රායෝගිකව එය එලෙස නොවන බවත්, මේ හේතුවෙන් රටේ කීර්ති නාමයට හානි වන බවත් පැවසු එතුමා, මෙවන් ස්ථාන සම්බන්ධයෙන් නිසි සහතිකයක් හෝ බලපත්‍රයක් ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීමට යෝජනා කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ඩයනා ගමගේ සහ ගීතා කුමාරසිංහ මහත්මීන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් සිය එකඟතාවය පළ කරමින් පවසා සිටියේ හෝටල් හා ලැගුම්හල් පිළිබඳ පළ කරන තොරතුරු විමර්ශනය කිරීමකින් අනතුරුව ඒ සඳහා බලපත්‍රයක් හෝ සහතිකයක් ලබා දීම මගින් සංචාරක ක්‍ෂේත්‍රය දියුණු කිරීම යෝග්‍ය බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධනය සම්බන්ධව චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, මනූෂ නානායක්කාර යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී සිය අදහස් පළ කළ අතර ගාල්ල ඇතුළු දකුණු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය සම්බන්ධයෙන් වෙනම රැස්වීමක් කැඳවා ඒ පිළිබද සාකච්ඡා කිරීමට කටයුතු යොදන මෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් හට උපදෙස් ලබා දුන්නේය.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සංචාරක ක්‍ෂේත්‍රය සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙල ආශ්‍රිත වත්මන් තත්වය පිලිබඳ සංචාරක අමාත්‍යවරයා මෙහිදී කරුණු විමසු අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා පැවසුයේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සංවර්ධන ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මක කොට ඇති බවයි.
2018 සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2018 සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව හා 2018 ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර ඒවාට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවටද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සභාපතීත්වය යටතේ පැවති සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට ගරු රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා සහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගීතා කුමාරසිංහ, මනුෂ නානායක්කාර, උදයන කිරිඳිගොඩ, ජයන්ත කැටගොඩ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, එම්. උදයකුමාර් , ඩයනා ගමගේ, ගුණතිලක රාජපක්‍ෂ, වීරසුමන වීරසිංහ, සම්පත් අතුකෝරල, සිවඥානම් ශ්‍රීතරන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.
2025-07-28
නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025-07-28
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 25 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර මේ සඳහා අතීතයේ ගත් පියවරයන් ද ඔවුහු ඉදිරිපත් කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අතීතයේ කටයුතු කළ අදාළ අංශවල විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම වඩාත් පුළුල්ව පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී විෂයමාලා නිසිපරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභා සාමාජිකයින් අවධාරණය කළ අතර, එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු ද ඔවුහු පෙන්වා දුන්හමේ අතර, සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අදාළ අනුමතිය හිමිවිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුනිල් රාජපක්‍ෂ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-07-28
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි. කමිටුවේ සාමාජිකයන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුණි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් පත් කෙරිණි. මේ පත් කිරීම් සිදුවූයේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙරට සංස්කෘතික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රයන් නගාසිටුවීමට, එම ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කලා කරුවන් සහ වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි පියවරයන් සහ කලා රස වින්දනය පිළිබඳ පොදු මහජනතාව සහ දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අවශ්‍යතාව ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පිළිබඳව මූලික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කළ යුතු බව මෙහිදී සාමාජික මන්ත්‍රීවරයන් යොජනා කළහ. මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සුගත් වසන්ත ද සිල්වා, නීතිඥ සුසන්ත දොඩාවත්ත,රුවන් මාපලගම සහ දිනේෂ් හේමන්ත යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ.
2025-07-28
අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහදී කාරක සභාවට දැනුම් දුන්හ.කෙසේ වෙතත්, 2026 වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී දී කිසිදු හිඟයක් ඇති නොවන බව එම නිලධාරීහු කාරක සභාවට සහතික කර පැවසුහ. එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ත් 90% ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ නිලධාරීහු දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළහ.තවද මෙදින කාරක සභාවේදී , ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී. මෙම වාර්තා සමාලෝචනය කරන අවස්ථාවේදී, මෙම ආයතනවලට අදාළව තවමත් නිරාකරණය නොවූ විගණන විමසුම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව විගණන නිරීක්ෂණ සඳහා කාලෝචිත හා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට බව කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුන, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා සහ ජගත් මනුවර්ණ යන මහත්ම මහත්මීහු මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිඑඉසක් සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks