පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-01-20
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2023.01.05 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කළේය. වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මාර්ගගත ක්‍රමවේදයන්ට (Online) අනුගතවන ලෙසට සහ 2021 වර්ෂය සදහා විගණනය කරන ලද ගිණුම් ඉදිරිපත් කරන ලෙසට ලබා දුන් නිර්දේශවලට එම කොමිෂන් සභාව කඩිනමින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබීම ඊට හේතුවයි.
රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය ජන. 19 වැනිදා හමුවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අදාළ පනතට අනුව, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම රජයට අයත් නිසි නෛතික ක්‍රමවේදයක් යටතේ පිහිටුවන ලද ආයතනයක් බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ.
බලපත්‍රවලට අදාළ ඉල්ලුම්පත්‍රවල සපයා ඇති තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසූ විට කොමිෂන් සභාව පවසා සිටියේ අයදුම්පත්‍රයේ සදහන් තොරතුරුවල වගකීම අයදුම්කරු වෙත පැවරෙන බවයි. එසේම වරාය නගර භූමිය තුළ සියලුම සමාගම්වල ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව සාමාන්‍ය ජනතාවට අදාළ තොරතුරු දැනගත හැකිවන පරිදි පවත්වාගෙන යනු ලබන බව ද මෙහිදී තහවුරු විය.
බදු ප්‍රතිපත්ති අනුව කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරා ගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව කමිටුවේදී අවධානය යොමු විය. වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වැටුප් ව්‍යුහයන් සහ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීමේ බලය එම ආයතනවලට ලබා දෙන බවයි. එහිදී මෙය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, අක්‍රමිකතා සඳහා ඉඩ කඩ ඇති බැවින් නැවත සලකා බැලිය යුතු බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය. මීට අමතරව, අන්තර්කාලීන පදනමක් මත, විෂයභාර අමාත්‍යවරයා විසින් අනුමත කරන්නේ නම්, සමාගම්වලට වසර 05 කට නොවැඩි කාලයක් සඳහා, වරාය නගරයෙන් පිටත ව්‍යාපාරයක් විවෘත කිරීමේ හැකියාව පවතී.
අධිභාර සහ දඩ මුදල් පිළිබඳ කමිටුව විසින් විමසූ විට, වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, දඬුවම්වල පරාමිතීන් තහවුරු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නියාමකයින් සමඟ කටයුතු කරන බව සදහන් කළේය. කොළඹ වරාය නගරය පාලනය කිරීමේදී බහුවිධ නියාමකයන්ගේ කාර්යය වරාය නගර ආර්ථික කොමිසමට සිදුකළ නොහැකි බව ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය. 2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා කැසිනෝ නියාමනය සදහා ආයතනයක් ස්ථාපිත කිරීම සදහා මුදල් කාරක සභාවේ උපදෙස් පරිදි දැනටමත් කටයුතු කරන මුදල් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස කමිටු සභාපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.
ආරවුල් විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලද අතර, පනතට අනුව, වරාය නගරය තුළ ඇති ආයතනය ගැටුම් නිරාකරණය සඳහා ඉඩක් පමණක් ලබා දෙන බව අනාවරණය විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මායිම් තුළ ඇති මහේස්ත්‍රාත් සහ සිවිල් අධිකරණවල ප්‍රමුඛතා පදනම මත සියලුම අධිකරණ කටයුතු සිදු කරනු ලැබේ. ඉදිරියේදී මෙම කටයුතු සමාලෝචනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.
මේ අනුව බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් පැහැදිලි බවක් ලබා දීම , විගණන වාර්තා නිසිපරිදි ඉදිරිපත් කිරීම සහ අනෙකුත් නෛතික ප්‍රශ්නවලදී සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සහතික කිරීම සඳහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නිරන්තරයෙන් රැස් වන බවට ලබාදුන් සහතිකය සමග සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම ගැසට් පත්‍ර කොන්දේසි සහිතව අනුමත කරන ලදී.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු (ආචාර්ය) සුරේන් රාඝවන්, ගරු අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගරු චන්දිම වීරක්කොඩි, ගරු මයන්ත දිසානායක, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර, ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු මධුර විතානගේ යන මහත්වරු ද වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.


2025-11-18
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් 12.11.2025 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මෙහිදී අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.එම නිර්ණායක ඔස්සේ අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී ඇති ආකාරය පිළිබඳව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22 ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ථ රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට (Social Registry) ඇතුළත් කරගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දෙන ලදී. එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ ඔවුන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කාරක සභාව පෙන්වා දෙන ලදී.එමෙන්ම වැඩිහිටියන්ට සහ අබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබාදීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබාගත නොහැකිව යම් පිරිසක් සිටින බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත්කමද කාරක සභාව මෙහිදී අවධාරණය කරන ලදී.මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (මහාචාර්ය) රුවන් රණසිංහ, නිශාන්ත ජයවීර යන මහත්වරුන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, කේ. සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර, චතුර ගලප්පත්ති, තිළිණ සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025-11-17
ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.
2025-11-15
අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12 යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
2025-11-15
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින් මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks