පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-01-23
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ගුණාත්මක භාවයෙන් හා නිපුණතාවයකින් යුතු සංක්‍රමණික ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සහ ඊට ආනුශංගික කරුණු සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුව විසින් සකස් කරන ලද පුහුණු වැඩසටහන සමාලෝචනය කිරීම සඳහා වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා අනුකමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහතිමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (ජන. 19) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම කමිටුව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.
විදේශ වෙළඳපොළ අරමුණු කරගෙන ගුණාත්මක ශ්‍රමිකයින් පුහුණු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණ සිටි අමාත්‍යංශ සියල්ලේ එකතුවෙන් ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීමට මින් පෙර මෙම කමිටුව කරන ලද නිර්දේශයේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ අනුව විදේශීය වෙළඳපොළ අරමුණු කරගනිමින් කම්කරු හා විදේශරැකියා අමාත්‍යාංශය මේ වන විට පුහුණු වැඩසටහන් සකස්කිරීම පිළිබඳ පැමිණ සිටි නිලධාරීන් අදහස් දැක්වීම සිදු විය. මෙහිදී ග්‍රාමීය මටිටමේ සිට පුහුණු කිරීම් සහ ප්‍රචාරණයන් මේ සම්බන්ධයෙන් දැනටමත් ආරම්භ කොට ඇති බව පැමිණ සිටි නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එසේම මෙරට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) වෙනත් රටවල් සමග සමපාතවීම පිළිබඳ අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
තවද විදේශ සේවා නියුක්ති කාරයාංශය යටතේ ලියාපදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සිවල බලපත්‍ර තදින් අදීක්ෂණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
එසේම විදේශ ගත වීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයින්ගේ විනය සකස්කිරීම පිළිබඳව ද මෙම කමිටුවේදී සාකච්ඡා විය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ විදේශ ගත වන ශ්‍රමිකයින් පුහුණු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් ලැබිය යුතු සහයෝගය මෙම කමිටුවේ මැදිහත්වීමෙන් ලබාදීමට කටයුතු කරන බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු වඩාත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද ඒ මහත්මිය විසින් පෙන්වා දෙන ලදි.
2025-11-17
ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. ඒ එම අනු කාරක සභාව පසුගියදා (නොවැ. 11) ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.මෙහිදී සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කමිටුව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් දන්වා සිටියේ අදාළ කෙටුම්පත නොවැම්බර් මස අවසානයේ සකස් කිරීම අවසන් කිරීමට හැකි බවයි.එසේම විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන්, ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් සහ බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවාරයේදී සාකච්ඡා වූ කරුණුවල පසු විපරමක් කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.
2025-11-15
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින් මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2025-11-15
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 13.11.2025 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව ප්‍රථමයෙන් කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී කරුණු දැක්වූ එම මාධ්‍ය ජාලයේ ප්‍රධානීහු වර්තමානයේ ඔවුන්ගේ මූල්‍ය තත්ත්වයන් හා අනෙකුත් ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. 2023 වාර්ෂික වාර්තාව අනුව එම වසරේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය රුපියල් මිලියන 164 ඉක්මවූ පාඩුවක් ලබා ඇති බව දක්වා ඇත. කෙසේ වෙතත් එම පාඩු ලැබීමේ තත්ත්වය ක්‍රමිකව අඩු කරගනිමින් නැවත යථා තත්ත්වයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම නිලධාරීහු පැවසුහ.පසුගිය වසර කිහිපය තුළ අයකර ගැනීමට ඇති, ආයතනයට ලැබිය යුතු හිඟ මුදල් අයකරගැනීම ප්‍රශස්ත මට්ටමක පවතින බවත් ඔවුහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ඉන්දියානු ටෙලිනාට්‍ය මාලාවන් අධික මුදලකට මිලදී ගෙන තිබීම හා එම ටෙලිනාට්‍ය වලට තවදුරටත් ගෙවීමට තිබෙන මුදල් පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලට විකාශන කටයුතු පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පවතින ගැටලු නිශ්චිතව හඳුනාගෙන ඒවා විසඳා ගන්නා ආකාරය පිළිබඳව මාස 3ක් තුළ කාරක සභාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.අනතුරුව 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී එම ආයතනයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය ඇතුළු ක්‍රියාකාරිත්වය පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. දැනට ඔවුන්ට ගෙවීමට ඇති ගෙවීම් වලින් 48%ක ප්‍රමාණයක්ම දඩ මුදල් සහිත ගෙවිය යුතු බදු බව එම නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දැනට පවතින තාක්ෂණික උපකරණ ඉතා පැරණි මට්ටමක පවතින බව පෙන්වා දුන් එම නිලධාරීහු සමහර විදුලි උපකරණ සේවකයින් විසින් ක්‍රියාත්මක කරනුයේ ජිවිත අවධානමක් සහිතව බවත් පෙන්වා දුන්හ. එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවතින භුමියේ හිමිකාරිත්වය තවමත් සංස්ථාව සතුව නොමැති බවත් ඉදිරි සංවර්ධන කටයුතු වලදී භුමියේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව පැවතීමේ වැදගත්කම පෙන්වා දුන්හ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ආයතන ද්විත්වය නගා සිටුවීමට සඳහා උපායමාර්ගික සැලසුම්වල වැදගත්කම පෙන්වා දුන් අතර මෙම ඉදිරිපත් වූ කරුණු අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-11-15
අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සලකා බැලීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව දින දෙකක් රැස් වෙයි පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනා කරන ලදි.භාණ්ඩ මිලදීගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීමේදී කාරක සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බවයි. 2025.11.10 සහ 12 යන දිනයන්හිදී පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීම සිදු විය. මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


