පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-01-18
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ජන. 16) පාර්ලිමේන්තුවේදී රැස්විය.
මෙහිදී විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින් නියමිත බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ විය.
2020 ඔක්තෝම්බර් 13 දිනැති 2197/12 ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින් අඩු කර තිබියදීත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග නොගෙනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි. පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන් ඇතැම් විශාල සමාගම්වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම වැලැක්වීමට වගවීමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බවද කාරක සභාව අවධාරණය කළේය.
මෙම සීනි වංචාවට අදාළ බදු අයකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් එම අදාළ සමාගම්වලින් බදු එකතු කිරීමේ ප්‍රමාණයන් පිළිබඳව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාරක සභාව නියෝග කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කල කාරක සභාව සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු: 0.25/Kg සිට රු: 50/Kg දක්වා ඉහළ නැංවීම අරමුණු කරගත් බදු ප්‍රතිපත්තිය නැවත සංශෝදනය කිරීම පිළිබඳව කමිටුව සිය අවධානය යොමු කළේය.
මෙරට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් බිලියන 30 ක් අය කරගත් මේ හා සම්බන්ද සමාගම්වලට වගකීමෙන් තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය කාරක සභාවේ දැඩි විවේචනයට ලක්විය.
මේ අතර බෙදාහරින්නන් විසින් උපරිම සිල්ලර මිල පිළිනොපැදීම පිළිබඳ ගැටළු විමසීම සඳහා කාරක සභාව හමුවට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ද කැඳවා තිබුණු . ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් වැටලීම් 342 උපරිම සිල්ලර මිලට වඩා භාණ්ඩ අලෙවි කල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දඩ නියම කළ ද, ගැසට් පත්‍රයේ උපරිම තොග මිලක් නොමැතිවීම හේතුවෙන් තොග බෙදාහරින්නන්ට දඬුවම් කිරීමේ අභියෝග පවතින බව එම නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ .
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ ආනයනික මිල වැනි සාධක සලකා බලා උපරිම සිල්ලර මිලක් පැනවීම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලෙස කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය. තවද, තොග බෙදාහරින්නන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සහ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වීම සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳීමට යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙසත් කාරක සභාව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙතින් ඉල්ලා සිටියේය.
මීට අමතරව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියෝගයේ අන්තර්ගතය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ සමාගම් සඳහා අරමුදල් සංචලනය සහ විදේශ විනිමය ගනුදෙනු නියාමනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විධිවිධාන මෙම නියෝගයෙන් දක්වා ඇත.
නියෝගයේ දක්වා ඇති පරිදි සංක්‍රමණ දීමනාව ඇමෙරිකානු ඩොලර් 50,000 ක් ලෙස පවතින අතර තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා ඇමෙරිකානු ඩොලර් 20,000 දීමනාවක් ඇත. ශ්‍රී ලාංකික පුද්ගලයින්ට ඔවුන්ගේම විදේශීය සමාගම්වල කොටස් විකල්ප මිලදී ගැනීමට ඉඩ සලසන විධිවිධාන ඇතුළුව, පෙර ගැසට් පත්‍රයේ සංශෝධන මහ බැංකුවේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුම් දෙන ලදී. මීට අමතරව, ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් 200,000 සහ ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා ඇමෙරිකානු ඩොලර් 100,000 ක ආපසු ගැනීමට පුද්ගලයන්ට දැන් අවසර ඇත.
මෙහිදී කාරක සභා සභාපතිවරයා එවැනි අඩු සංක්‍රමණ දීමනාවක් පවත්වාගෙනයාමේ ශක්‍යතාව පිළිබඳව කනස්සල්ල පළ කළේය. මෙම සීමා කිරීම් හේතුවෙන් පුද්ගලයින් හවාලා සහ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) වැනි නිල නොවන මාර්ගයන් වෙත යොමුවීමේ ව්‍යාප්තිය පිළිබඳව ඔහු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවද, Binance වැනි විවිධ වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන් තම රුපියල් USDT ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) බවට පරිවර්තනය කර පසුව විදේශයන්හි මුදල් මාරු කිරීම හෝ ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කරන අවස්ථා පිළිබඳව නිලධාරීන් දැනුවත් දැයි සභාපතිවරයා විමසා සිටියේය. විනිමය-වෙළඳාම කරන ලද අරමුදල්වල අනුමැතිය ඇතිව, එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) මෑතකදී පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමතකර ඇති බව කාරක සභාව පවසන ලදී.
මේ පිළිබඳ දනුවත් වීමක් නොමැති බවක් ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරන බව නිලධාරීහු සභාපතිවරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් පැවසුහ. එමෙන්ම විධිමත් මාධ්‍යන්ගෙන් තොරව රුපියල්, ඩොලර්වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත්, මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.
මේ අවස්ථව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම වීරක්කොඩි, ගරු දුමින්ද දිසානායක, ගරු මධුර විතානගේ ගරු සුමිත් උඩුකුඹුර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-09-15
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය. මෙම නිර්දේශ නිකුත් කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2013 ජූලි 05 වන දින සංස්ථාපනය කර තිබූ බවත් එම සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මගින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවෙකු ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2014 වර්ෂයේදී පෞද්ගලික බැංකුවකින් වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් (Corporate Guarantee) මගින් ඩොලර් මිලියන 24ක ණයක් ලබාගෙන තිබූ බවත් මෙහිදී අනාවරණය විය. නමුත් මෙම මුදලෙන් ඩොලර් මිලියන 18.82ක් (රු. මිලියන 6836) ක් 2023 දෙසැම්බර් වන විටත් පියවා නොතිබූ බවත් මෙම ණය මුදල අයකරගැනීම සඳහා අදාළ බැංකුව විසින් 2019 වර්ෂයේදී පරිපාලිත සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. පැමිණි නිලධාරීන් මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොම්ෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ පරීක්ෂණය සිදු වෙමින් පවතින බවත්ය. එසේම 2022 ජුනි මස සිට ඈවරකරුවෙකු පත් කර මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ය. මේ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාව විසින් සාකච්ඡා කරන ලද අතර එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි. එසේම සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දුන් කාරක සභාව ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කරන ලදි. එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මේ අනුව මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කරන ලදි.මීට අමතරව අධිකාරියේ සංයුක්ත සැලැස්ම පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දයාසිරි ජයසේකර, ඩී.වී.චානක, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
2025-09-12
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය. ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා 2025.08.06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (සැප්. 12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.සභාපතිධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන ලදී.අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය. එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අභිනව සභාපතිවරයා ප්‍රකාශ කළේය. තවද නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්යභාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් ,රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, හෙක්ටර් අප්පුහාමි, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, එම්. ඒ. එම්. තාහිර්, ලාල් ප්‍රේමනාත්, චානක මාදුගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-09-12
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (සැප්. 11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යමය ස්වාධීනත්වයක් පවතින බවත් එම ආයතන මෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මූල්‍ය ස්වාධීනත්වයක් ලබාදීම වැදගත් බවයි. එමගින් පවතින දේශපාලන අධිකාරියෙන් බැහැරව ඕනෑම රජයක් යටතේ වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට එම ආයතන වලට හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කිරීමද මෙහිදී සිදු විය.එසේම කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ කමිටු සාමාජිකයින්ගේ පාරිශ්‍රමිකය අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකයට අනුරූප සකස් විය යුතු බවට මෙම කාරක සභාව පෙන්වා දුන් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පවසන ලදි. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකය සංශෝධනය වන ආකාරයෙන් මෙම නිලධාරීන්ගේ පාරිශ්‍රමිකය ද සංශෝධනය විය යුතු බව කාරක සභාවේ සභාපතිරයා පෙන්වා දුන් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද හෙතෙම පැවසීය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළින සමරකෝන් සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
2025-09-11
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු අදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුහ. 2025 ජනවාරි සිට ජුනි දක්වා අර්ධ වාර්ෂික ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් බිලියන 2,241න් එකතු කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 2,318 ක් වූ අතර එය අර්ධ වාර්ෂික ඇස්තමේන්තුව 3% කින් ඉක්මවා ගොස් ඇති බව දත්ත ඉදිරි පත්කරමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ..මේ අතර 2025 පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467ක් වී ඇති අතර එම මුදල 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු වියදමට සාපේක්ෂව රුපියල් බිලයන 367කින් වැඩිවී ඇත.මෙම වැඩිවීමේ ප්‍රධාන සාධයක් ලෙස ණය සේවාකරණය මුලික වී ඇති අතර 2025 පළමු භාගයේදී එය රුපියල් බිලියන 1,984 ක් ව ඇත.රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම සහ සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ ශුද්ධ වැඩසටහන් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් සඳහා පුනරාවර්තන වියදම් ද ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.තවද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වර්ෂයට සාපේක්ෂව (ජනවාරි - ජුනි) 47% ක වර්ධනයක් වාර්තා කරමින් 2025 ජනවාරි සිට ජුනි අතර කාලය තුළ රුපියල් බිලියන 996 ක අදායමක් වාර්තා කර ඇත.මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම මෙම වර්ධනයට සැලකිය යුතු ලෙස හේතු වී අතර එමඟින් රුපියල් බිලියන 429 ක් ලැබී තිබුණි. වාහන ආනයනය සඳහා විවෘත කළ පසු මේ දක්වා ශ්‍රී ලංකාවට වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇති බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.තවද බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා රේගුවේදී දින 9 - 10 අතර කාලයක් ගත වීම හේතුවෙන් ආනයනකරුවන් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව ද කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීය. ඒ අනුව එම ගැටලුවට පිළියම් සකස් කරමින් දින 2 - 3 වැනි කාලසීමාවකදී අදාළ භාණ්ඩවල නිෂ්කාශන සිදුකර අවසන් කිරීමට ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභවට දැනුම් දුන්හ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ද (IRD) වර්ධනයක් වාර්තා කළ අතර,2025 පළමු භාගයේදී ඇස්තමේන්තු ගත අදායම වූ රුපියල් මිලියන 1,022,691 න් රුපියල් මිලියන 1,040,388කක අදායමක් වාර්තාකර තිබුණි. මෙහිදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වයස 18 වැඩි ශ්‍රී ලාංකිකයින් මිලියන 1.3 පමණ පිරිසකට අදාළව TIN අංකය ( Tax Identification number ) නිකුත් කර ඇති බවද පෙන්වා දුන්හ.මෙහිදී සභාපතිවරයා, මෙම දත්ත අනුව මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයට ගමන් කළ හැකිද යන්න කරුණු විමසමින් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මේ වසරේ ආර්ථික වර්ධනය 3.1% පමණ වනු ඇති බවට උපකල්පනය කළ හැකි බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.එමෙන්ම දුම්වැටි සඳහා භාවිතා වන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයේන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳවද කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.වර්ෂ අවසානයේ මෙරට විදේශ සංචිත පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මගින් කර ඇති පුරෝකතනයන් වල පරස්පරතාව පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය. මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks