07

E   |     |  

2024-05-20

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිසම” සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කරයි

පසුගිය 2024.02.20 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිසම” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කිරීම සිදු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (මැයි 09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් මින් පෙරද අවස්ථාවක සාකච්ඡා කිරීම සිදු වූ අතර මේ එම ස‍ාකච්ඡාවේ දෙවැනි අදියර වන අතර මෙහිදී ප්‍රධාන වශයෙන් මෙම යෝජිත කොමිසමේ සංයුතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් කාරක සභාවේ යෝජනා සහ සංශෝධනයන් ඉදිරිපත් කිරීමද සිදු විය.

මෙහිදී පැමිණි නිලධාරීන් කමිටුව විසින් පෙන්වාදුන් සංශෝධනයන් ඉක්මනින් සිදු කරන බව සඳහන් කළහ.

එසේම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් සමග නැවත අවස්ථාවක දීර්ඝ වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය කෙරුණි.  

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ මන්ත්‍රීවරුන් වන ගරු අසංක නවරත්න සහ (මහාචාර්ය) ගරු චරිත හේරත් යන මහත්වරු සහභාගී වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, යුනෙස්කෝ සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිසමේ මහ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සහ කාරක සභාවේ තරුණ නියෝජිතයන් ද මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2024-09-09

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග...


2024-09-06

2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වැන්නෙහි අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික...

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය...


2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...


2024-08-16

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැදිහත් වෙයි

ඉදිකිරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් - සුනිත්‍ය බලශක්ති අධිකාරිය කාරක සභාවට දන්වයි. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දෙන අතිරේක...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks