E   |     |  

2025-02-18

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2025 පෙබරවාරි මස 18 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)      2023 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)      2022 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රත්න ගම‍ගේ මහතා   -   පෙත්සම් දොළහයි
(ii)    ගරු මුනීර් මුලාෆර් මහතා
(iii)    ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දොළහයි                    
(iv)    ගරු අජිත් අගලකඩ මහතා                    
(v)    ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා                    
(vi)    ගරු ජගත් මනුවර්ණ මහතා  -  පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
රටේ මෑතකදී ඇති වූ විදුලි බිඳවැටීමට හේතුව


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2025) - දෙවැනිවර කියවීම (පළමුවැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“දෙහිවල මිලාද් විද්‍යාලයට භාවිතයට නොගන්නා ගොඩනැගිල්ලක් ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2025) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1826 ට 2025 පෙබරවාරි මස 19 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 



සම්බන්ධිත පුවත්

2025-03-17

2025 මාර්තු මස 17 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව2 : පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා "බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ" මුද්‍රිත පිටපතක් ලබාදී ඇති බව ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2022 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව(ii)    2023 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව   කාරක සභා වාර්තා පිළිගැන්වීමඅධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී. පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගම‍ගේ මහතා  -  පෙත්සම් දෙකයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා  -  පෙත්සම් දෙකයි (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)   ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය - ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන ප්‍රකාරව කටයුතු කිරීම සඳහා මතු දැක්වෙන පරිදි ආංශික අධීක්ෂණ කාරක සභා හතක් (07) පත් කළ යුතු ය:—1.    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව2.    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව3.    අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව4.    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව5.    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව6.    විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව7.    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය. එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතු ය.   අද දින සභාවේ ප්‍රධාන කටයුතු(i)    විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)(ii)    ගාලු උරුමය පදනමේ‍ වාර්ෂික වාර්තාව (2021) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.   සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2025 මාර්තු මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.  


2025-03-15

2025 මාර්තු මස 15 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු මොහමඩ් සාලි නලීම් මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වීම සම්බන්ධයෙන්2 : න්‍යාය පත්‍රයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අනුපිළිවෙලට සකස් කිරීම සම්බන්ධයෙන් ගරු චමින්ද විජේසිරි මහතා විසින් 2025.03.14 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 පෙබරවාරි 27 දින ඉදිරිපත් කරන ලද 2025 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුවේ සං‍ශෝධන(ii)    2021 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව කාරක සභා වාර්තා පිළිගැන්වීමවිදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.   පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා                     (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ) අමාත්‍යාංශ නිවේදනචීන රජයෙන් පාසල් සඳහා ලබා දීමට නියමිත ස්මාර්ට් පුවරු පිළිබඳව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය අමාත්‍යාංශ නිවේදනයක් කළාය.   අද දින සභාවේ ප්‍රධාන කටයුතු(i)    විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(ii)    ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2021)(iii)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2021)(iv)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව (2021)(v)    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2021)(vi)    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2022) අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1752 ට 2025 මාර්තු මස 17 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2025-03-14

2025 මාර්තු මස 14 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා ‍ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව(ii)    2023 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතන‍යේ වාර්ෂික වාර්තාව(iii)    2023 වර්ෂය සඳහා සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව(‍iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා(v)    2022 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව   පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා - පෙත්සම් දෙකයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා      (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ) අමාත්‍යාංශ නිවේදන(i)    බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii)    චාවකච්චේරි මූලික රෝහලේ වෛද්‍ය කස්තුරි ජීවගන් මාරු කිරීම සම්බන්ධයෙන් 2025.03.11 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ ය.   අද දින සභාවේ ප්‍රධාන කටයුතු(i)    විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (ii)    ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තා (2012, 2013, 2014, 2015, 2016 හා 2017) (iii)    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2017)(iv)    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018)(v)    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2019)(vi)    ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2020)(vii)    කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව (2020/2021)(viii)    ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)(ix)    ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2021)(x)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2022)(xi)    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)   සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“අර්තාපල් ගොවීන් මුහුණ දෙන ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චාමර සම්පත් දසනායක මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1824 ට 2025 මාර්තු මස 15 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.  


2025-03-12

2025 මාර්තු මස 12 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව(iii)    2023 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව කාරක සභා වාර්තා පිළිගැන්වීමබුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා විසින් පිළිගන්වන ලදී. පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා -  පෙත්සම් තුනයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස් මහතා   -  පෙත්සම් දෙකයි (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා                        (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)   පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු දිලිත් ජයවීර මහතාශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වසා දැමීම ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය. අමාත්‍යාංශ නිවේදනත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.01.08 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර  මහතා පිළිතුරු ලබා දුන්නේ ය.   අද දින සභාවේ ප්‍රධාන කටයුතු(i)    විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන) පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (ii)    මිල්කෝ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2018)(iii)    මිල්කෝ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2019)(iv)    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2020)(v)    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා (2015, 2016, 2017, 2018, 2019 හා 2020)(vi)    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2021) සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“ලවණ බාධකය නිසා ඇතිවන නිල්වලා ගඟේ ගංවතුර තත්වයට විසඳුමක් ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (මහාචාර්ය) එල්. එම්. අබේවික්‍රම මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1832 ට 2025 මාර්තු මස 14 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.    






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks