පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-03-16
පුවත් කාණ්ඩ : පුවත්
දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 වැනිදා, අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව ප.ව. 6.00 සිට 8.00 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු 15) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කරන ලදී.
එසේම පාර්ලිමේන්තුව අප්‍රේල් මස 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව අප්‍රේල් 8 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. අනතුරුව ප.ව. 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.
අප්‍රේල් 9 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 - පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.
අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.
2025-11-22
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය වන අද (නොවැ. 22) විවාදයට ගැණුනු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
2025-11-22
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - තායිලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.මෙම සංගමය නැවත පිහිටුවීම සඳහා රැස්වීම ඊයේ (නොවැ. 21) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතා සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.1955 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමෙන් පසු දෙරට අතර අඛණ්ඩව පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවය දෙපාර්ශ්වයම පෙන්වා දුන්හ. බෞද්ධ උරුමයන්ගෙන් පෝෂණය වූ ජාතීන් ලෙස, වෙළඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ සංස්කෘතික හුවමාරු ඇතුළු ප්‍රධාන අංශවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේම කැපවීම මෙහිදී නැවත අවධාරණය කෙරිණි.පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම හරහා දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමට සහ අන්‍යෝන්‍ය සබඳතා කවදුරටත් වැඩි දියුණු කිරීමට හැකිවනු ඇතැයි දෙපාර්ශ්වයම මෙහිදී පෙන්වා දුන්හ.මෙම රැස්වීමට ප්‍රථම, තායිලන්ත තානාපතිවරයා සහ ගරු කථානායකවරයා අතර සුහද හමුවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
2025-11-22
සමූපකාර ක්‍ෂේත්‍රයේ ගැටලු සාකච්ඡාකිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරුන්, පළාත් සමූපකාර අමාත්‍යංශය ලේකම්වරුන්, පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් 19.11.2025 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්විණි එහිදී අදහස් දක්වමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සියලු පාරිභෝගික සේවාවන් එක් ස්ථානයකින් සංතෘප්ත කර ගත හැකි කෝප් සිටි (Coop City) ප්‍රධාන නගර වල ස්ථාපනය කිරීමට කටයුතු කරන බව පැවසීය.ඒකීය සන්නාමයක් යටතේ සමුපකාර නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක් සකස් කිරීම මෙන්ම ප්‍රාදේශීය වෙළඳසැල් මිනි කෝප් සිටි ලෙස පරිවර්තනය කර ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවද ගරු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මෙම රැස්වීමේදී සමූපකාර සමිති වල වර්තමාන තත්ත්වය, පවතින ගැටලු හා ඒවා නිරාකරණය කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී සමූපකාර සමිතිවල විශාල මූල්‍ය වංචා සිදුව ඇති බව පෙන්වා දුන් ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරියේදී එම තත්ත්වයන් සිදුවීම වලක්වා ගැනීම සඳහා පළාත් සමූපකාර වල විගණන අංශ ශක්තිමත් කලයුතු බව පැවැසීය. මෙහිදී පැමිණි නිලධාරීහු සමූපකාර සමිතිවල සභාපති ධුරය දරන කාල සීමාව සංශෝධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. ඒ අනුව සමූපකාර සමිතිවල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ධූර දරන කාල සීමාවන් සඳහා යම් සීමාවන් පැනවීමෙන් සිදුවන දූෂණ සහ ආක්‍රමිකතා මගහරවා ගැනීමට හැකි වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීහු පැවැසුහ.ඇතැම් සමුපකාර සමිති වල තැන්පතු හා ණය සඳහා අධික පොලියක් අය කිරීම, ලියාපදිංචි කළ සමුපකාර සමිති ලියාපදිංචි කිරීමේ අරමුණින් බැහැරව පෞද්ගලික ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාම සහ සමුපකාර සමිතිවල ඉඩම් හා දේපළ වෙනත් පුද්ගලයන් විසින් අත්පත් කර ගැනීම ආදී ගැටලු පිළිබඳවද සාකච්ඡා කරන ලදී.ඒ අනුව සමූපකාරවල පවතින සියලු ගැටලු නිරාකරණය කරගනිමින් ඒවා සමූපකාර මගින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ සැළසුම් කිහිපයක් සකස් කර ඇති බව ගරු අමාත්‍යවරයා පැවසීය. එහිදී ප්‍රධාන නගර වල ස්ථාපනය කිරීමට අපේක්ෂිත කෝප් සිටි (Coop City) මගින් සමුපකාර නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් සමුපකාර සමිති සඳහා ණය ආධාර ලබා දීමේ දී සමුපකාර සංවර්ධන අරමුදල මගින් කෝප් සිටි නගා සිටුවීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමටද අපේක්ෂා කරන බව ගරු අමාත්‍යවරයා පැවසුවේය. එමෙන්ම සියලුම පළාත් සභා සඳහා පොදු සමුපකාර ප්‍රඥප්තියක් මෙන්ම සියලුම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා සඳහා පොදු නෛතික රාමුවක් සකස් කිරීමටද සැළසුම් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ඇතුළු සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-11-21
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම ඊයේ (නොවැ. 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අවධාරණය කළහ. ක්‍රීඩා, සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා විය. එසේම ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් සහයෝගය වෙනුවෙන් ගරු කථානායකතුමා නවසීලන්ත රජයට සිය කෘතඥතාව පළ කළේය.ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා, සංචාරක, වෙළඳාම සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල මෙන්ම විශේෂයෙන් කාන්තා ක්‍රිකට් සහ පිරිමි රග්බි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීම තුළින් ක්ෂේත්‍ර ගණනාවක් හරහා දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබිය හැකි මුලපිරීම් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.මෙම රැස්වීමට ප්‍රථම මහ කොමසාරිස්වරයා සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර සාකච්ඡාවක් ද පැවති අතර, එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks