පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-03-24
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ, අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව පසුගිය මාර්තු 21 වන දා පළමුවරට, එහි සභාපති ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
ඒ අනුව කරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහිදී නව වැනි පාර්ලිමේන්තුවේ ලබාදුන් කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම් සොයා බැලීම කෙරෙහි කාරක සහාවේ අවධානය යොමු විය.
ඒ අතරින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (CoPA) , රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CopF), සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව යන කාරක සභා හතරේ ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ වලට ප්‍රමුඛතාව ලබා දී ඒවා සමාලෝචනය කිරීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී.
ඒ අනුව අදාළ වග කිවයුතු නිලධාරීන් හා සම්බන්ධ වෙමින් මෙම කාරක සභාවල ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසුවේය.
මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් පී. පෙරේරා, ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-03-24
පසුගිය කෝපා කමිටු නියෝග පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විගණන නිරීක්ෂණ 25 සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගත නොහැකියි. ස්වාධීන කණ්ඩායමක් යොදවා නැවත විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න - කෝපා කමිටුවෙන් නිර්දේශයක්.භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබීම හේතුවෙන් රජයට මිලියන 6.2ක අලාභයක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයිඅවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක පාඩුවක් - විගණකාධිපතිඑන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15ක අලාභයක් සිදුව තිබෙන අතර කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3088 ක් ලියාපදිංචි කර ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණය විය.මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2025.03.10 දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබුනද අදාළ නිලධාරීන් නිසි සුදානමකින් නොපැමිණීම හේතුවෙන් නැවත හරවා යවනු ලැබ තිබුණි.තවද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 වසරේ පැවති කෝපා කමිටු රැස්වීම්වලදී ලබාදුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා සිටින ලදි. මෙහිදී රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදුකළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් වාර්තාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට ගනු ලැබීය.මෙහිදී දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් ද කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව අවධාරණය කරන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඊට අදාළ විමර්ශනය ස්වාධින නිලධාරීන් කණ්ඩායමක් මගින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසටත් සභාපතිවරයා නිර්දේශ කළේය.පුර්ව වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධති ගතවූ චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහන වල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර, වංචනික මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කර තිබීම පිළිබඳවද කෝපා කමිටුව අවධානය යොමු කරනු ලැබීය. එහිදී රුපියල් බිලියන 1.2ක මුදලක් රජයට පාඩු වී තිබෙන බවට අනාවරණය විය.තවද, භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබීම හේතුවෙන් රජයට මිලියන 6.2ක් ද, විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක පාඩුවක් ද සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතු බවත් විගණකාධිපතිවරයා අවධාරණය කරන ලදී.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දුෂණ, වංචා සහ අක්‍රමිකතා විමසා බැලීමෙන් අනතරුව මීට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව මාසිකව කාරක සභාව හමුවට කැඳවා විමසීම් සිදුකිරීමටත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. තවද, මෙහිදී සිදුව තිබෙන අපරාධමය ක්‍රියාවන් සම්බන්ධයෙන් අදාළ නිතිය බලාත්මක කරන ආයතන හරහා නිතීය ක්‍රියාත්මක කිරීමටද කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී .මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන සුන්දරලිංගම් ප්‍රදීප්, නලින් හේවගේ, ජේ.සී. අලවතුවල, රෝහිත අබේගුණවර්ධන, හෙක්ටර් අප්පුහාමි, කවීන්දිරන් කෝඩීස්වරන්, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, සුසන්ත කුමාර නවරත්න, චන්දන සූරියආරච්චි, (වෛද්‍ය) ජනක සේනාරත්න, චානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර, දිනිඳු සමන් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2025-03-24
නව තානාපතිවරුන් දෙදෙනෙකු නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. ඒ එම කාරක සභාව පසුගියදා (මාර්තු 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයෙකු පත් කිරීම සඳහා වන නාමයෝජනාවද කාරක සභාව අනුමත කළේය.ඒ අනුව, කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය.එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.තවද, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමයෝජනාවද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ගරු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට සභානායක ගරු අමාත්‍ය බිමල් රත්නායක, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර සහ නීතිඥ චමින්ද්‍රනී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2025-03-24
ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් මාලාව, සමීක්ෂණ වර්තාවකින් අනතුරුව සිදුකළ බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වාර්තාවක් සභාව සතුව නෑ - ජාතික තරුණ සේවා සභා නිලධාරීන් පවසයි.කැබිනට් තීරණයක් නොසලකා ,දේශපාලන හේතුන් මත ගැටලු සඳහා මුහුණ දුන් නිලධාරීන්ට වන්දි ලබාදුන් කමිටු 3ක් ගැන පුර්ණ වාර්තාවක් ලබාදෙන්න - කෝප් අනුකාරක සභාව. ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය විය.මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය මාර්තු 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය සිදුකර ඇති බවයි.තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් මාලාව සමීක්ෂණ වාර්තාවකින් අනතුරුව සිදුකළ බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාව තුළ විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.එමෙන්ම දේශපාලන හේතුන් මත ගැටලු සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු සඳහා වන්දි ලබාදීමට, විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස ලබා දී තිබු කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ජා විය. ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල් ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන් හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක් සති 2ක් තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි. එහිදී අනාවරණය වුයේ NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවය. මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පසුවේය. තවද NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතියද එම වයස් සීමාව මේ වනවිට අවුරුදු 50 දක්වා ඉහළ දමා ඇති බව ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට උපදෙස් දුන්නේය. එමෙන්ම NYSCO හි ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. තවද මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.තවද ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා සහ මුල්‍ය වාර්තා නියමිත කාල රාමු තුලදී පාර්ලිමේන්තුවට සභාගත කිරීම පිළිබඳව මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු නිසි පරිදි පැවැත්වීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, අසිත නිරෝෂණ එගොඩ විතාන, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.
2025-03-20
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) තවමත් ක්‍රියාත්මක නැහැ - කාරක සභාව හෙළි කරයිකැසිනෝ නියාමකයෙකු නිසි ලෙස ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව කාරක සභාවේ අප්‍රසාදය මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී. ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 18 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.මෙම පනත් කෙටුම්පත යටතේ පුද්ගල ආදායම් බදු (PIT) සහනය වාර්ෂිකව රු. 1,200,000 සිට රු. 1,800,000 දක්වා වැඩි කිරීමේ යෝජනාව කමිටුවේ අවධානයට ලක්විය. එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීම, සේවා අපනයනය 15% අනුපාතයකින් ආදායම් බද්දට යටත් කිරීම සහ පොලී ආදායම හෝ වට්ටම මත රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතය 5% සිට 10% දක්වා වැඩි කිරීමට ද මෙම සංශෝධනය මගින් යෝජනා ඉදිරිපත් කර ඇත.උපයන විට ගෙවීමේ බදුවලට අදාළ (PAYE) දත්ත විශ්ලේෂණය සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පවතින දත්තවල දෝෂයක් ඇති බව නිගමනය කළේය. ඒ අනුව, කාරක සභාවට නිවැරදි දත්ත විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.තවද, බදු ගෙවීම, ආනයනය, අපනයනය කිරීම හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඕනෑම සේවාවක් ලබා ගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම ක්‍රියාත්මක නොවන බව මෙහිදී අනාවරණය විය. මෙම ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදුවිය.ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීමේ යෝජනාව සලකා බැලූ කාරක සභාව, කැසිනෝ නියාමකයෙකු ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය. තවද, පසුගිය වසර 5 තුළ කැසිනෝ හරහා ලැබුණු ආදායම පිළිබඳව කමිටුව විසින් මීට පෙර ඉල්ලා සිටි නිසි දත්ත ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා විසින් සිය අප්‍රසාදය පළ කරන ලදී.බදු අභියාචනය සඳහා ගෙවීමට නියමවූ බදුමුදලෙන් 25% ක් ගෙවීමට සිදුවීම පිළිබඳව ද කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් ඉල්ලා සිටීම කෙතරම් දුරට සදාචාරාත්මකද යන්න කමිටුව ප්‍රශ්න කළේය. රජයට ලැබිය යුතු ආදායම ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ජනතාව අභියාචනා ක්‍රියාවලිය යොදා ගන්නා බවත්, එබැවින් බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් යෝජනා කර ඇති බවත් ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා නඩු විශ්ලේෂණය කර අදාළ දත්ත ලබා දෙන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විජේසිරි බස්නායක, නිමල් පලිහේන යන මහත්වරුන් ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks