E   |     |  

2025-06-03

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2025 ජුනි මස 03 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 
3 : “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
4 : දසවැනි පාර්ලිමේන්තුව සඳහා “තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ” සමාරම්භක රැස්වීම
5 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIV කොටස;  සහ
  • 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIII හා XLIV කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXV හා XXVI කොටස්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 මාර්තු 27 දිනැති අංක‍ 2429/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. 
(ii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අප්‍රේල් 29 දිනැති අංක‍ 2434/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. 
(iii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 මැයි 05 දිනැති අංක‍ 2435/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. 
(iv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ (1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතාවේද සහ ප්‍රතිශක්තිවේද ආයතනය ස්ථාපිත කිරීම සහ එකී ආයතනයට එම නාමය සහ අභිධානය පවරාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 20 දිනැති අංක 2424/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v)    2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.03.28 සිට 2025.04.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(vi)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(vii)    2022/2023 වර්ෂය සඳහා බී සී සී ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(viii)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 අප්‍රේල් 03 දිනැති අංක 2430/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. 
(ix)    2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනතේ 2(1) වගන්තිය යටතේ සහ 1(2) වගන්තිය යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 මාර්තු 28 දිනැති අංක 2429/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා - පෙත්සම් දෙකයි
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
දේශීය සීනි නිෂ්පාදනය සහ ආනයනය

ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
කිලිනොච්චියේ සිලෝන් ජර්මන් ටෙක් ආයතනයේ සම්පත් හිඟතා සහ අනෙකුත් ගැටළු 

ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    G2G ගිවිසුම යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් 2025.05.09 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ ය. 

(ii)    ලුණු නිෂ්පාදනය සහ අලිමංකඩ ලුණු ලේවාය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් 2025.05.23 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(iii)    IMF ගිවිසුම සහ විදේශ ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2025.05.23 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඔහුට එරෙහිව කරන ලද චෝදනාව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) - 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා
(ii)    සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) - 2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සංශෝධනය කිරීම සඳහා
(iii)    සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) - 2005 අංක 36 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත සංශෝධනය කිරීම සඳහා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)

විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ගංවතුර තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සංවිධානයක් පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 ජුනි මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 



සම්බන්ධිත පුවත්

2025-06-04

2025 ජුනි මස 04 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව  කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXV කොටස; •    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLV කොටස සහ තෙවැනි කාණ්ඩයේ XVIII කොටස;  සහ•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I කොටස ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව.(ii)    2024 වර්ෂය සඳහා ධීවර ත්‍යාග අරමුදලේ කාර්ය සාධන වාර්තාව.(iii)    2024 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(iv)    2024 වර්ෂය සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(v)    2023 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව.(vi)    2021 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව. කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,     ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් පිළිගන්වන ලදී.(iii)    දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.   පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා  -  පෙත්සම් තුනයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා                    (vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා  -  පෙත්සම් තුනයි(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ) අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්නපහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:- (i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා   පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාඋතුරට අත්හිටුවන ලද දුම්රිය සේවා යළි ආරම්භ කිරීම(ii)    ගරු දිලිත් ජයවීර මහතාසංචාරක කර්මාන්තයේ ගැටළු   අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(i)    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව(ii)    දූෂණ විරෝධී පනත යටතේ නියෝග සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නපහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1641 ට 2025 ජුනි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.  


2025-05-23

2025 මැයි මස 23 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීම2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම3 : ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජික මන්ත්‍රීන් සඳහා පවත්වන සම්මන්ත්‍රණය ලිපිලේඛනාදිය පිළිගැන්වීම2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් කාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.   පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා    -  පෙත්සම් දෙකයි (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා  - පෙත්සම් දෙකයි(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා  - පෙත්සම් තුනයි(viii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු  සජිත් ප්‍රේමදාස මහතාIMF ගිවිසුම සහ විදේශ ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටළු(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාලුණු නිෂ්පාදනය සහ අලිමංකඩ ලුණු ලේවාය සම්බන්ධ ගැටළු   පනත් කෙටුම්පත් පිළිගැන්වීම2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත ගරු බලශක්ති අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 2 පමණක් සභාව විසින් සම්මත කරන ලදී:-(i)    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)(ii)    විදේශීය ණය (ඉවත් කිරීමේ)   සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නපහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-(i)    ගරු උපුල් කිත්සිරි මහතා(ii)    ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1644  ට 2025 ජුනි මස 3 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.  


2025-05-22

2025 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරයන් සඳහා සම්මන්ත්‍රණය කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.   පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා                    (vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒ. එම්. එම්. එම්. රත්වත්තේ මහත්මිය                    (vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා                    (viii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා                    (ix)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා                   (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු රවී කරුණානායක මහතාමැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදෙන අවම වැටුප   අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (i)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි(ii)    විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් දහයක් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“උතුරු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සවිබල ගැන්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2025 මැයි මස 23 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.  


2025-05-21

2025 මැයි මස 21 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ ─ කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි II පියවර යට‍තේ කිරි ගවයින් 15000 ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව; සහ 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාල පරිච්ඡේද තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් තාරුණ්‍ය පීඩාවෙන් මුදවා ගැනීම යන තේමාව යටතේ සිදු කරන ලද වැඩසටහන් 6 ක විධිමත්භාවය, ඵලදායිත්වය සභාවේ ප්‍රමුඛ අරමුණුවලට අනුකූලතාවය පිළිබඳව සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව (ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලේ කාර්ය සාධනය ඇගයීම සම්බන්ධ වාර්තාව.   ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශනය.(ii)    2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා සීමාසහිත ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා.(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(iv)    2023/2024 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාග‍මේ වාර්ෂික වාර්තාව.(v)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව. පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා  -  පෙත්සම් තුනයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා  -  පෙත්සම් හතරයි (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා                   (vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා  -  පෙත්සම් දෙකයි (vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය             (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)   පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු රවී කරුණානායක මහතාමෑත කාලීන විදුලි බිඳවැටීම් සහ සූර්ය බලශක්ති ගැටළු අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (i)    මුදල් පනත යටතේ නියෝගය(ii)    මුදල් පනත යටතේ නිවේදනය   සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නපහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-(i)    ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය(ii)    ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1703 ට 2025 මැයි මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks