පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-07-28
පුවත් කාණ්ඩ : පුවත්
පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා නවක මන්ත්‍රීන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් උදෙසා පැවති වැඩසටහන සාර්ථක බව එම වැඩසටහන ක්‍රියාත්මක කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත පිරිස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී පැවසූහ.
පසුගිය 22 සිට 24 දක්වා දින 3ක් පුරා පැවැත්වූ මෙම වැඩසටහනෙන් පසු එහි ප්‍රගතිය සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී එම නියෝජිත පිරිස මේ අදහස් පලකළහ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන්, පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා උදෙසා, එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය,පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ එක්සත් රාජධානියේ ශාඛාව (CPA UK) සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) හා එක්ව පැවැත්වූ මෙම වැඩසටහන වෙනුවෙන් කථානායකවරයා සිය ස්තූතිය පළකළේය.
එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ සභාපතිනිය යස්මින් කුරේෂි (Yasmin Qureshi) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම නියෝජිත පිරිසට එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් වන ජේමි ස්ටෝන් (Jamie Stone), පෝලට් හැමිල්ටන් (Paulette Hamilton) ඇන්ඩෲ ස්නෝඩන් (Andrew Snowden) යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
මෙම වැඩසටහන තුළදී නව මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන්ට එම නියෝජිත පිරිස සමග ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් පාර්ලිමේන්තු ක්‍රමවේද පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සැලසිණි.
නව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ලැබෙන අවස්ථා සහ මන්ත්‍රී භුමිකාවේ අභියෝග,පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ක්‍රමවේද, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ භූමිකාව, කාරක සභා විමර්ශන ක්‍රියාවලිය, කාරක සභා වාර්තා සකස් කිරීම, ආචාර ධර්ම සහ ප්‍රමිතීන්, අයවැය හා මූල්‍ය පාලනය , සම්පත් සහ ඩිජිටල් මෙවලම් පිළිබඳව, මහජන සන්නිවේදනය හා සහභාගීත්වය සහ විශ්වාසය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව මේ තෙදින වැඩටහන පුරා දැනුම හා අත්දැකීම් බෙදාගැනීම සිදු විය.
තවද මෙම වැඩසටහන තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය , නියෝජ්‍ය සම සභාපති සමන්මලී ගුණසිංහ මහත්මිය ඇතුළු සාමාජික මන්ත්‍රීවරියන් සමගද සාකච්ඡා පවත්වමින් අදහස් හුවමාරු කරගත්හ.
එමෙන්ම විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු නිලධාරීන් සමගද සාකච්ඡා පැවැත්වූහ. එහිදී විවෘත පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ජනතා විශ්වාසය වර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකාව විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය සක්‍රීය කරගැනීමේ වැදගත්කම ද සංසදයේ සම සභාපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
මෙම වැඩසටහ සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගිවුහ.
2025-07-28
අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 360කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 27) මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී පැවැත්විණි.මෙහිදී අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂයධාරා 6 යටතේ උසස් ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ අනුග්‍රාහක දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි.පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පසුගියදා උතුරු පළාතෙන් ආරම්භ කෙරුණු අතර, එහි දෙවන වැඩසටහන දකුණු පළාතේ සහ තුන්වන වැඩසටහන නැගෙනහිර පළාතේදී ක්‍රියාත්මක කෙරිණි. ඉදිරියේදී අනෙකුත් පළාත්වලද වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා සඳහන් කළේ මේ වන විට ජනාධිපති අරමුදල එහි සහාය අවශ්‍ය කිසිවකු අතහැර නොමැති බවත්, එහිදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්ය. ජනාධිපති අරමුදල කිසිවකුගේ පෞද්ගලික අරමුදලක් නොවන අතර, එය රටේ ජනතාවගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන අරමුදලක් බව පෙන්වා දුන් කථානායකවරයා එබැවින් එහි ප්‍රතිලාභ සැලසිය යුත්තේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහාම පමණක් බවද සඳහන් කළේය.වරප්‍රසාදලත් පංතියේ අය වෙනුවෙන් වෙන් වී තිබූ ජනාධිපති අරමුදල පුනරුද යුගයේදි ජනතාව වෙනුවෙන් කැපවූ ආයතනයක් බවට පත් කළ බව විදේශ කටයුතු සහ විදේශ රැකියා ගරු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙහිදී අදහස් දැක්වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පරරාජසිංහම් ප්‍රදීපන්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන් යන මහත්ම මහත්මීහු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025-07-25
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 6 පාර්ලිමේන්තුව අගෝස්තු 5, 6 සහ 7 රැස්වෙයි ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය ලබන අගෝස්තු 5 වැනිදා විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. මේ අනුව අගෝස්තු 5,6 සහ 7 තෙදින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අගෝස්තු 8 වැනි සිකුරාදාට යෙදී ඇති නිකිණි පොහොය හේතුවෙන් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.මේ අනුව අගෝස්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 4.00 දක්වා පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමටත් ප.ව. 4.00ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත. අනතුරුව ප.ව. 4.15 සිට ප.ව. 5.30 දක්වා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට ද එකඟත්වය පළ වී ඇත. ඉන්පසු ප.ව. 5.30 සිට ප.ව. 6.00 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.අගෝස්තු 06 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව. 10.30 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත. පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), දුම්කොළ බදු පනත යටතේ නියමය සහ තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.අගෝස්තු 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයකින් තොරව සම්මත කිරීමට මෙහිදී තීරණය වී ඇත. අනතුරුව මධ්‍යහ්න 12.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව “රටේ වර්තමාන ආර්ථිකය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් නියමිතව තිබේ.
2025-07-25
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2025 අගෝස්තු 01 දින හෝ එදිනට පෙර යොමුකළ යුතුය.අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය. ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීම’ යනුවෙන් සඳහන් කළයුතුයසබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/334
2025-07-24
ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගය උදෙසා, එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ එක්සත් රාජධානියේ ශාඛාව (CPA UK) සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සමඟ සහයෝගයෙන්, නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 22 වැනිදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.මේ අවස්ථාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ සභාපතිනිය, එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී යස්මින් කුරේෂි (Yasmin Qureshi) ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick), පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වසර ගණනක පවතින සබඳතාව පිළිබඳ සිහිපත් කළ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සවිමත් ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා ගොඩනැගීම උදෙසා මෙවැනි වැඩසටහන්වල වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය , ආචාර ධර්ම හා ප්‍රමිතීන්, අයවැය අධීක්ෂණය සහ මහජන සහභාගීත්වය යන අංශ මුලික කරගෙන පවැත්වෙන මෙම වැඩසටහන දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට දැනුම බෙදා ගැනීමට, අදහස් හුවමාරු කර ගැනීමට වටිනා අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.තවද මෑත වසරවලදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ එක්සත් රාජධානියේ ශාඛාව ඉතා සමීපව කටයුතු කර ඇති බව පෙන්වා දුන් වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනමේ සභාපති යස්මින් කුරේෂි මහත්මිය මෙම වැඩසටහන මගින් ප්‍රජාතන්ත්‍රවාදයයේ වටිනාකම් පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇති බව පැවසුවාය.එමෙන්ම පාර්ලිමේන්තු ආයතන ශක්තිමත් කිරීමට, වෘත්තීය සංවර්ධනය දිරිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීම උදෙසා මෙම වැඩසටහන වඩාත් ප්‍රයෝජනවත් වන බව මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.මේ අතර මෙම වැඩසටහනට පෙර එම එක්සත් රාජධානියේ නියෝජිත පිරිස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුහ. එහිදී එම නියෝජිත පිරිසට පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කාර්යභාරය පිළිබඳව ගරු කථානායකවරයා විසින් කෙටි හැඳින්වීමක් සිදුකළේය.නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වෙන මම දැනුවත් කිරීමේ වැඩසටහන 24 දක්වා පැවැත්වෙනු ඇති.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks