E   |     |  

2025-10-16

පුවත් කාණ්ඩ : පුවත් 

සාර්ථක අධ්‍යයන චාරිකාවකින් අනතුරුව ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විධායක කමිටු රැස්වීමක් පවත්වයි

ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ විධායක කමිටු රැස්වීමක් පසුගියදා (ඔක්. 10) එම සංගමයේ සභාපති ගරු අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති (ආචාර්ය) සිරි වෝල්ට් මිය සහ සංගමයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ සහභාගී වූහ.

රැස්ව සිටි පිරිස අමතමින් ගරු අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ මෑතකදී ස්විට්සර්ලන්තයේ සිදු කළ අධ්‍යයන චාරිකාව ඉතා ඵලදායී වූ බවත් ස්විට්සර්ලන්ත පාලනය සහ සමාජය පිළිබඳ වටිනා අවබෝධයක් එමගින් ලබාගත හැකිවූ බවත්ය. සංචාරයට පහසුකම් සැලසීම සඳහා සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ඔහු ස්විට්සර්ලන්ත රජයට සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති (ආචාර්ය) සිරි වෝල්ට් මිය ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය.

මෙහිදී අධ්‍යයන චාරිකාවට සහභාගී වූ සාමාජික මන්ත්‍රීවරයන් සිය අදහස් බෙදා ගත් අතර, ස්විට්සර්ලන්ත පාලන ක්‍රමයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ පුරවැසි කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබඳව ප්‍රශංසා කළහ. ක්‍රියාකාරී මහජන සහභාගීත්වය මත ගොඩනගා ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ද ඔවුන්ගේ ඇගයීමට ලක්විය. එසේම ස්විට්සර්ලන්ත ජනතාවගේ ආගන්තුක සත්කාරය පිළිබඳවද මන්ත්‍රීවරයන් සිය කෘතඥතාව පළ කළ අතර, එය රටක සමගිය හා ප්‍රගතියට දායක වන ආකාරය සඳහන් කළහ.

සංචාරයේදී නිරීක්ෂණය කරන ලද බොහෝ මූලධර්ම හා භාවිතයන් ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් පරිපාලන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේදී යොදාගත හැකි බව මන්ත්‍රීවරයෝ මෙහිදී අවධාරණය කළහ.

මිත්‍රත්ව සංගමයේ විධායක කමිටුව නියෝජනය කරන සංගමයේ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම රැස්වීමට සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2025-10-23

ඉන්දු - ශ්‍රී ලංකා නීති සිසුන් පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු  සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුවේ සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා (ඔක්. 21) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුව, පරිසර නීති හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CELP) සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලය සමඟ එක්ව  සංවිධානය කරනු ලබන  '' ඉන්දු-ශ්‍රී ලංකා පරිසර නීති සතිය  - 2025 '' නිමිති කොටගෙන ක්‍රියාත්මක වන ශාස්ත්‍රීය වැඩසටහන් මාලාවේ එක්  වැඩසටහක්  ලෙස එම නීති සිසූහු මෙලෙස පාර්ලිමේන්තුවේ අධ්‍ය‍යන චාරිකාවකට එක්වූහ.පාර්ලිමේන්තුවට පැමිණි මෙම සිසුන්ට ප්‍රථමයෙන්,පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ මග පෙන්වීම යටතේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ සභා ගර්භයේ නිරීක්ෂණ චාරිකාවකට  එක්වෙමින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාවිය.අනතුරුව, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්  ඔවුන් සඳහා  දැනුවත් කිරීමේ  වැඩසටහනක් ද පැවැත්විණි. එහිදී ඒ මහතා විසින්  ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක්  ලබාදෙන ලදී . එමෙන්ම එම නීති සිසුන්ට පැවැති  ගැටලු ද  සාකච්ජා කරන ලදී.මේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයයේ පොදු සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය කෝකිලා ලංකාතිලක කෝනසිංහ මහත්මිය ඇතුළු නීති පීඨයයේ ආචාර්යවරුන්, ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ අධ්‍යක්ෂ  මහාචාර්ය වී. එස්. ජිජීමන් මහතා ඇතුළු එම විද්‍යාලයේ  ආචාර්යවරුන්, දෙරටේ නීති සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු  සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුවේ සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා (ඔක්. 21) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු සහ ජාත්‍යන්තර නීති දෙපාර්තමේන්තුව, පරිසර නීති හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CELP) සහ ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලය සමඟ එක්ව  සංවිධානය කරනු ලබන  '' ඉන්දු-ශ්‍රී ලංකා පරිසර නීති සතිය  - 2025 '' නිමිති කොටගෙන ක්‍රියාත්මක වන ශාස්ත්‍රීය වැඩසටහන් මාලාවේ එක්  වැඩසටහක්  ලෙස එම නීති සිසූහු මෙලෙස පාර්ලිමේන්තුවේ අධ්‍ය‍යන චාරිකාවකට එක්වූහ.පාර්ලිමේන්තුවට පැමිණි මෙම සිසුන්ට ප්‍රථමයෙන්,පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ මග පෙන්වීම යටතේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ සභා ගර්භයේ නිරීක්ෂණ චාරිකාවකට  එක්වෙමින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාවිය.අනතුරුව, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්  ඔවුන් සඳහා  දැනුවත් කිරීමේ  වැඩසටහනක් ද පැවැත්විණි. එහිදී ඒ මහතා විසින්  ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක්  ලබාදෙන ලදී . එමෙන්ම එම නීති සිසුන්ට පැවැති  ගැටලු ද  සාකච්ජා කරන ලදී.මේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයයේ පොදු සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය කෝකිලා ලංකාතිලක කෝනසිංහ මහත්මිය ඇතුළු නීති පීඨයයේ ආචාර්යවරුන්, ඉන්දියාවේ මුම්බායි හි ඇමිටි නීති විද්‍යාලයේ අධ්‍යක්ෂ  මහාචාර්ය වී. එස්. ජිජීමන් මහතා ඇතුළු එම විද්‍යාලයේ  ආචාර්යවරුන්, දෙරටේ නීති සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-10-22

පියයුරු පිළිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමට සහය පළ කරමින් පාර්ලිමේන්තුව රෝස පැහැ ගැන්වෙයි

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම අද (ඔක්. 22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,  ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට ද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබා දීම සිදු කෙරිණි.තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පියයුරු පිළිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමට සහය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම  සිදුවිය. එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ට ද  ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.අද දින  මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණියහ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම  ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය කිරී‍මේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව වේ.  ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් හදුනාගන්නා බවත් ඉන් 3 දෙනෙකු මිය යන බවත් මෙම අවස්ථාවට සහභාගීවූ වෛද්‍යවරියෝ සඳහන් කළහ. පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ සුවය ලැබිය හැකි බවත්, ඒ සඳහා වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමේ අවශ්‍යතාවයත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව ඔක්තෝබර් මාසයට පමණක් සීමා නොවී මේ පිළිබඳව දැනුවත් වෙමින් මෙම සමාජ ව්‍යසනය තුරන් කිරීමේ වගකීම කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයට ද ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. මේ පිළිබඳව මෙරට පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවත් ‘රෝස බදාදා’ නමින් විවිධ පාර්ශවවල සංවිධාන ශක්තියෙන් වැඩසටහන් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය.එසේම පාර්ලිමේන්තුවේ මෙම වැඩසටහනට සමගාමීව සියලුම පාසැල්වල උදය රැස්වීමේදී පාසැල් ළමුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලු විදුහල්පතිවරු දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංසදය විසින් ලිඛිතව දැනුම් දී ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී වූහ. 


2025-10-21

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී, 2025 ඔක්තෝබර් 22 දින, එනම් හෙට දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස  ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය විසින්, හෙට දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සුදානම් කර ඇති බව බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී හෙට දින ලබා දීමට කටයුතු කරනු ලබන බවත්,  හෙතෙම පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.  


2025-10-21

“පළිඟු රෑන” පාර්ලිමේන්තුවට

2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කරනු ලබන “පළිඟු රෑන” වේදිකා නාට්‍යය  2025.10.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) ප.ව. 6.30 ට වේදිකාගත වීමට නියමිතව ඇත.මෙලෙස වේදිකාගත කෙරෙන මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ  The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය  පදනම් කරගෙන  නිෂ්පාදනය කර ඇත.ශ්‍රී ලංකීය  නාට්‍යකරු  හෙන්රි ජයසේන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරමින් රචනා කළ මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය, පුජිත ද මෙල් මහතා විසින් අධ්‍යක්ෂණය කර ඇත. චාන්දනී සෙනෙවිරත්න, ක්ෂේවියර් කණිෂ්ක, මනුෂි ටානියා,  බිම්සර සිල්වා යන  රංගන ශිල්පින්ගේ රංගන දායකත්වයෙන්  මෙම නාට්‍ය වේදිකා ගතවනු ඇත.   මේ අවස්ථාව සඳහා ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යතුමිය, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා , ගරු අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් තානාපතිවරුන්, ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks