E   |     |  

මෙරට කාන්තා නායකත්වය දිරි ගැන්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

අනාගත ජාතික දේශපාලනයේ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා මෙරට කාන්තාවන් බලගැන්වීම අරමුණු කර ගනිමින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් සංවිධානය කළ ‍විශේෂ මහජන සේවා වැඩසටහනක් පසුගියදා (මෙයි 08) සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහනේදී කාන්තාව දේශපාලනය තුළ මෙතෙක් පැමිණි ගමන් මඟ, ප්‍රාදේශිය දේශපාලනය හා පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ කාර්යභාරය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ආදි තේමා පිළිබඳව මෙම වැඩසටහන මඟින් සහභාගි වූවන්ට මූලිකව අවබෝධයක් ලබා දීමට කටයුතු කෙරිණි.

ප්‍රාදේශිය දේශපාලනයේ නියැළෙන කාන්තා නායිකාවන්, සමාජ ක්‍රියාකාරිනියන් ප්‍රමුඛ කරගත් තරුණ ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් මෙම වැ‍ඩසටහනට සහභාගි වූ අතර, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියන් සමඟ විවෘත සංවාදයක නිරත වීමටද, පාර්ලිමේන්තු සංචාරයක නියැළීමටද ඔවුනට අවකාශය සැලසිණි.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks