පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
අද ගැහැණු ළමයා හෙට කාන්තාවක්. ඒ නිසා අපේ අනාගතය අදයි. ගැහැණු දරුවා පිළිබඳ ජාත්‍යන්තර දිනයේ 10 වැනි සංවත්සරය සමරන 2022 ඔක්තොම්බර් 11 වැනි දිනයේ ශ්‍රී ලාංකිකයන් වශයෙන්, දැඩි ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද, දැරියගේ අයිතීන් සුරැකීමට නම්, දැරියගේ යථාර්ථයන් පිළිබඳව කල්පනාකාරී විය යුතුය.
සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් ද අභියෝගයට ලක්ව ඇත. රටේ දරාගත නොහැකි උද්ධමනය හේතුවෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක පෝෂණීය ආහාර ගැනීමේ ප්‍රමාණය අඩු වී ඇත. වෙනත් බොහෝ උභතෝකෝටික ප්‍රශ්න අතර ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි කිරීම් මෙම ඍණාත්මක බලපෑම් තවත් තීව්ර කර ඇත.
මෑත කාලීන පර්යේෂණ සහ සමීක්ෂණ මගින් සමස්ත ශ්‍රී ලංකාවේ දරුවන්ගේ මානසික, අධ්‍යාපනික සහ වෛද්‍ය යහපැවැත්ම කෙරෙහි ආර්ථික අර්බුදයේ බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වී ඇති බවට සනාථ වී ඇත. ගැහැණු දරුවාගේ දුර්වල සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය ඇගේ යහපැවැත්මට සහ ඵලදායිතාවයට පමණක් නොව අනාගත පරම්පරාවට ද බලපායි. ගැහැණු ළමයින් ද හිරිහැර හා ලිංගික හිංසනයට ගොදුරු වීමද වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම මෙම ආර්ථික අර්බුදය තුළ ලිංගික හිරිහැර පිළිබඳ වාර්තා වල වර්ධනයක් පවතී. එවැනි දරුණු ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස සමාජ නොසන්සුන්තාව, ප්රචණ්ඩත්වය සහ ලිංගික හිංසනයන් වැඩි වෙමින් පවතින අතර ගැහැණු ළමයා පහසුවෙන් අවදානමට ලක්විය හැකි ඉලක්කයක් විය හැකිය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා අත්පත් කරගත් මානව සංවර්ධන දර්ශක මෙම ආර්ථික අර්බුදය හමුවේ ආපසු හැරවීමේ අවදානමකට ලක්ව ඇත. විශේෂයෙන්ම, රටේ තත්ත්වය යහපත් නොකළහොත්, අධ්‍යාපනයක් ලබාදීම තම ගැහැණු ළමයා සහ පිරිමි දරුවා අතර කළ යුතු තේරීමක් බවට දෙමව්පියන් පත්විය හැකිය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් විශ්වාස කරන්නේ නිසි සහයෝගයක් ලබා දෙන්නේ නම්, මෙම අභියෝග ධනාත්මක අවස්ථාවක් බවට වෙනස් කර ගත හැක. වාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන්නන් සහ සුභ පතන්නන් විශාල ප්‍රමාණයක් සිටිති. අපගේ සංවර්ධන ප්රයත්නයන් පිටුපස සැමවිටම ශක්තිමත් ජාත්‍යන්තර සංවිධාන, සංවර්ධන හවුල්කරුවන් සහ රටේ පෞද්ගලික ව්‍යාපාර ප්‍රජාව අපට ඇත. එම නිසා පාර්ලිමේන්තු කාන්තා සංසඳය ලෙස අපි මෙම සහයෝගය දක්වන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ ගැහැණු ළමයින්ට නිසි ආකාරයේ අවස්ථා ලබාදීමට ඉදිරිපත් වන ලෙසයි. මෙවැනි වටිනා ක්‍රියාදාමයන් සඳහා නායකත්වය දීමට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ නියෝජිතයන් ලෙස අපි සූදානමින් සිටිමු.
පාර්ලිමේන්තු කාන්තා සංසඳය ශ්‍රී ලංකාවේ ආර්තව දිළිදුකම වෙනුවෙන් 2020 ජාතික අයවැය විවාදයේ සිටම පෙනී සිටියේය. අපි එතැනින් නතර වූයේ නැත. අපි රජයට උපදේශනය දිගටම කරගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස වශයෙන් අද රජය තීරණය කර ඇත්තේ ආනයනික සනීපාරක්ෂක තුවා සහ ඒවා දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වන බදු ඉවත් කිරීමටයි. වත්මන් ආර්ථික අර්බුදයට පෙර සිටම පාසල්වල ගැහැණු ළමයින් නොසිටීමට ආර්තව දිළිදුකම ද හේතු වී ඇති බැවින් මෙය කාන්තාවන් සහ විශේෂයෙන් ගැහැණු ළමයින් වෙනුවෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් ලෙස අපි සලකමු. 2021 දී, අපි යෝජනා කළ තවත් ප්‍රධාන නිර්දේශයක් නම්, සියලුම පාසල් සිසුන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා හැරීමයි. මෙම ආර්ථික අර්බුදය තුළ එය කළ නොහැකි වුවද, ශ්‍රී ලංකාවේ දිළිදුකම තදින්ම බලපාන ගැහැණු ළමයින් සඳහා අවම වශයෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම පිළිබඳ රජයට උපදේශනය දිගටම කරගෙන යාමට අපි කැමැත්තෙමු.
නිර්මාණශීලිත්වය හා බැඳුනු ඔරොත්තු දීමේ හැකියාව සාර්ථකත්වය ඇති කළ හැකිය එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අප දකින පරිදි ශ්‍රී ලංකාව මුහුණ දෙන විපත්තිය දියුණුව ලඟාකර ගැනීමට ඇති අවස්ථාවක් ලෙස සැළකිය හැකිය. ගැහැණු දරුවා පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී අපි සමස්ත සමාජයෙන් ඉල්ලා සිටින්නේ ගැහැණු ළමයා ආරක්ෂා කිරීමට සහ සවිබල ගැන්වීමට එක්වන ලෙසයි. මේ ව්‍යසනයට එරෙහිව රටේ කෙමෙන් කෙමෙන් වර්ධනය වන ඔරොත්තු දීමේ හැකියාව ගැහැණු දරුවන්ගේ අනාගතය පෙරට වඩා දීප්තිමත් කිරීමට පියවරක් ලෙස යොදා ගැනීමට අප සමඟ අත්වැල් බැඳ ගැනීමට ඉදිරිපත් වන ලෙස කැමැත්ත හා හැකියාව ඇති සංවිධානවලට අපි ආරාධනා කරමු.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks