පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
අද 2022 අගෝස්තු 12 වන දින, අපි තරුණයින්ගේ අධ්‍යාපනය, ප‍්‍රජා සංවර්ධනය, පරිසරය හා සම්බන්ධ තරුණ කණ්ඩායම් , විවිධ සමාජ ව්‍යාපෘති සඳහා ස්වේච්ඡවෙන් ඉදිරිපත්වන කොටස් සහ ගෝලීය ගැටළු විසඳීම සඳහා තරුණයින්ගේ කාර්යභාරය හඳුනා ගන්නා ජාත්‍යන්තර තරුණ දිනය සමරන්නෙමු. මෙම දිනය ප‍්‍රථම වරට 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හදුන්වා දෙන ලදී.1998 දී ලිස්බන් හි පැවති ”තරුණයන් සඳහා වගකිව යුතු අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුව” විසින් කරන ලද නිර්දේශය මඟින් අනුමත කරන ලද යෝජනාවක් හරහා ස්ථාපිත කරන ලදී. එය ප‍්‍රථම වරට සමරනු ලැබුවේ 2000 අගෝස්තු 12 වන දින සහ එතැන් සිට තාරුණ්‍යය මුහුණ දෙන අභියෝග සහ ගැටලූ පිළිබඳව සමාජය තුළ දැනුවත් කිරීමට එම දිනය යොදා ගන්නා ලදී. තවද, එය තරුණයින් සවිබල ගැන්වීමට,දේශපාලනයේ ඔවුන්ගේ නියෝජනය වැඩි දියුණු කිරීමට සහ ගෝලීය ගැටළු විසඳීම සඳහා සම්පත් කළමනාකරණය කිරීමට ඔවුන්ට ඇති හැකියාව සඳහා වෙන් වූ දිනයකි.
වර්තමාන ගෝලීය සමාජ සංස්කෘතික ගමන් පථය තුළ, ගෝලීය කතිකාව බොහෝ දුරට තිරසාර සංවර්ධනය මත පදනම් වන අතර, ‘ විවිධ පරම්පරා අතර පවතින සාධාරණත්වය හෝ යුක්තිය’ වැනි සංකල්ප කෙරෙහි අවධානය යොමු කරන අතර, එවැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තරුණයින්ගේ කාර්යභාරය විශේෂයෙන් වැදගත් වේ. මේ අනුව, ගෝලීය ගැටළු සඳහා යෝජිත යෝජනාවල සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ඔවුන්ගේ දායකත්වය මත බැවින්, තීරණ ගන්නා කණ්ඩායම් වල තරුණයින්ගේ සහභාගීත්වය අවශ්‍ය වේ.
ඒ අනුව, තිරසාර සංවර්ධනය සැලැස්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සියලූම පරම්පරා වල දායකත්වයේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනීී. කිසිවකුත් මග නොහැරිය යුතුය යන තිරසාර සංවර්ධන සැලැස්මේ පවතින සංකල්පය පෙරදැරිව සාර්ථක සහ සමානාත්මතාවයෙන් යුත් විවිධ පරම්පරා අතර සබඳතා සහ හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම සඳහා 2022 ජාත්‍යන්තර තරුණ දිනය ”විවිධ පරම්පරා අතර සමීපත්වය සහ සහයෝගය” යන තේමාව මත පදනම් වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2016 දී, ශ්‍රී ලංකාවේ තරුණයින් ජනගහනයෙන් හතරෙන් එකක් පමණ විය. එය මිලියන 4.64 ක් හෝ සියයට 23.2 ක් විය. 2014 ශ්‍රී ලංකා ජාතික තරුණ ප‍්‍රතිපත්තිය මගින් තාරුණ්‍යය යනු වයස අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ ඕනෑම අයෙකු ලෙස අර්ථ දක්වා ඇත. තරුණයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිර්වචනය තාරුණ්‍යය යනු වයස අවුරුදු 15-24 ලෙස දක්වා ඇති අතර තරුණයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිර්වචනයට වඩා කැපී පෙනෙන වෙනසක් 2014 ශ්‍රී ලංකා ජාතික තරුණ ප‍්‍රතිපත්තියේ දක්වා ඇති වයස් සීමාවෙන් පෙනෙයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ ප‍්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් සහ අපේ ජනගහනය අතර විවාහ වයස වැඩි වීමත් සැලකිල්ලට ගනිමින්, තරුණයින්ගේ වයස අවුරුදු 29 දක්වා දීර්ඝ කිරීම එම නිර්වචනය ඒ සන්දර්භයට අනූව යුක්ති සහගත ය.
2021 දී ලෝක බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12.3% ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අය වන අතර, තව වසර 15ක් තුළ ශ්‍රී ලාංකිකයින්ගෙන් 25% ක් වයස අවුරුදු 60 ට වැඩි වනු ඇත. මෙම ජන විකාශන සංක‍්‍රාන්තිය ආර්ථික හා සමාජීය වශයෙන් රටට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් අභියෝග රැසක් නිර්මාණය කරනු ඇත.
”අප සැවොම වයස් භේදයකින් තොරව එකඟතාවක් ඇති කර ගත හැකි කරුණක් වන්නේ සහ මෑතකාලීනව රට තුළ සිදු වූ සිදුවීම් නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වන්නේ ප‍්‍රධාන වශයෙන්ම තරුණ තරුණියන් විසින් මෙහෙයවන ලද අරගලය තුළ, ඔවුන් ඉතා පැහැදිලිව සහ ප‍්‍රබල ලෙස ප‍්‍රදර්ශනය කළේ ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අනාගතයට බලපාන, රටේ දේශපාලන ක‍්‍රියාවලියට සම්බන්ධ වීමට ඇති අවශ්‍යතාවයයි. පවතින ආර්ථික අර්බුදය ඔවුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරන බව සලකන විට, අපි ඔවුන්ගේ ඉල්ලීම් ඉවත දැමුවහොත් එය සමස්තයක් ලෙස රටට යහපතක් නොවේ.” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකයකු වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
”මේ වසරේ ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම සඳහා වන තේමාව යොදා ගනිමින්, විවිධ පරම්පරා අතර විවිධ ආකාරවලින් ක‍්‍රියා කරන වයස් භේදය හා සම්බන්ධ ඒකාකෘතිකරණයන් හඳුනා ගනිමින් එවැනි ඒකාකෘතිකරණයන්වලට එරෙහිවීමට පියවර ගනිමින් එවැනි වයස් භේද නොමැති හොඳ සහයෝගීතාවයක් ඇති කිරීම සඳහා සංවාදයක් ආරම්භ කිරීමට අපි මෙය අවස්ථාවක් කරගත යුතුයි.” යනුවෙන් පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකයකු වන ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසුවාය.
”එක් අතකින්, පරිණතභාවය සහ අත්දැකීම් නොමැතිකම හේතුවෙන් තරුණයින්ගේ අදහස් අපි ඉක්මනින් බැහැර කිරීමට ඉක්මන් වන අතර අනෙක් අතට, තරුණයින් වැඩිහිටි පරම්පරාවේ දායකත්වය බැහැර කිරීමට පෙළඹෙන්නේ ඔවුන් විශ්වාස කරන පරිදි වැඩිහිටි පරම්පරාව තාක්ෂණයේ දියුණුවට අනුගත නොවන සහ ඔවුන්ගේ ඉදිරි දර්ශනය පැහැදිලි නොවන නිසාවෙනි. විවිධ පරම්පරාවන් අතර එකිනෙකාගේ අදහස් සහ දායකත්වය පිළිගෙන ඒවාට ගරු කරන සමතුලිතතාවයක් ඇති කිරීම කරා යාමට අප උත්සාහ කළ යුතු යැයි” පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකයකු වන රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවසීය.
”රටක අනාගත ස්ථාවරත්වය සැකසීමේදී තරුණයින්ට ඉටු කළ හැකි වැදගත් කාර්යභාරය සිහිපත් කිරීමට මෙම දිනය අපි අවස්ථාවක් කර ගත යුතු යැයි මම විශ්වාස කරමි. දේශපාලනයේ, විශේෂයෙන්ම තීරණ ගැනීමේ ආයතනවල තරුණ හඬට වැඩි වැඩියෙන් සවන්දෙන සහ තරුණ හඬ නියෝජනය වන ක‍්‍රියාවලියක් සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ට භූමිකාවක් ඇති බව පාර්ලිමේන්තු කාන්තා සංසඳය පිළිගනී. දේශපාලනයේ සහ මැතිවරණවල සෑම කෙනෙකුටම සාර්ථක වීමට සාධාරණ හා සමාන අවස්ථාවක් ඇති තත්වයක් නිර්මාණය කිරීමේ කාන්තාවන් සඳහා වන සටනේදී, පාර්ලිමේන්තු කාන්තා සංසඳය සෑම විටම රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හඩ නගන ලදී. අපි කණ්ඩායමක් ලෙස, පාර්ලිමේන්තුව සහ වෙනත් තීරණ ගැනීමේ ආයතන -ජනතාවගේ හඬට තැනක් ලබා දීම මෙන්ම නියෝජිනය කිරීම කෙතරම් වැදගත් දැයි වටහා ගෙන ඇති බව”, පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ ගරු සභාපතිනිය වන වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
එවැනි තත්ත්වයන් තුළ, 2022 ජාත්‍යන්තර තරුණ දිනය සඳහා වන ”විවිධ පරම්පරා අතර සමීපත්වය සහ සහයෝගය” යන තේමාව ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ-සංස්කෘතික තත්ත්වයට සහ කතිකාවට යෝග්‍ය ලෙස ගැලපේ. මේ අනුව, ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම හුදෙක් සිතිවිල්ලක් සඳහා පමණක් නොව, ප‍්‍රගතිශීලී ක‍්‍රියාවන් සඳහා දිනයක් බවට පත් කළ යුතුය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks