පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
”දෙසැම්බර් 3 වෙනිදා අපි ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය සමරනු ලැබේ. එය ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන ගැටළු පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ එවැනි පුද්ගලයින් දේශපාලන, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික වැඩ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමේ වාසි පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණින් සමරනු ඇත. මේ අනුව, මෙම දිනය සැමරීමෙන් අදහස් වන්නේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, යහපැවැත්ම සහ විශේෂයෙන් ඔවුන්ගේ අභිමානය සඳහා සහයෝගය ඇති කරගැනීම බව” ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපතිනී වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
විශේෂයෙන්ම මෙම වසරේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනයේ ගෝලීය තේමාව වන්නේ: ”ආබාධිත පුද්ගලයින්ගේ නායකත්වය සහ සහභාගීත්වය ඇතුළත්, ප්‍රවේශ විය හැකි සහ තිරසාර පශ්චාත් කෝවිඞ් -19 ලෝකයක් කරා” යන්නයි.
මෙවර ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පොදු අරමුණු සහ තේමාවට අනුකූලව පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු කාන්තා සංසඳය සමඟ එක්ව වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇති අතර එවැනි පුද්ගලයින්ගේ, අයිතිවාසිකම්, භාෂාමය අයිතීන් සහ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට ඇති අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව විවිධ උත්සාහයන් ගනිමින් සිටී.
වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ, මෙම වසරේ ජුනි 28 වැනිදා ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන ගැටලූ සහ අභියෝග රැසක් පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡුා කළ ‘ආබාධිත අයිතීන් පිළිබඳ ප්‍රතිපත්ති සංවාදය’ කාන්තා සංසඳය විසින් මෙහෙයවන ලද එක් වැඩසටහනක් බවයි. ඇත්ත වශයෙන්ම, පාර්ලිමේන්තු කාන්තා සංසඳය හා කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ තේරීම් කාරක සභාවට ආබාධ සහිත පුද්ගලයින්ගේ හඩට සෘජුව සවන්දීමට අවස්ථාව මෙමඟින් ලැබුණි. මන්ද මෙම ප්‍රතිපත්ති සංවාදයට බොහෝ ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කරමින් සහභාගිවූවන්ට එ් සඳහා ඔවුන්ගේ ගැටළු සහ යෝජනා ප්‍රකාශ කිරීමට අවස්ථාව සහ වේදිකාවක් ලබා දුන් බැවිනි.
එවැනි සංවාද හේතුවෙන් පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු කාන්තා සංසඳය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අයවැය විවාදයේදී සංඥා භාෂා අර්ථකථනයක් ලබාදුන් බව පාර්ලිමේන්තු කාන්තා සංසඳය ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. එ් අනුව, අයවැය විවාදයේදී, ආබාධ සහිත තැනැත්තන්ගේ භාෂා අයිතීන් මෙන්ම ප්රජාමය කරුණු පිළිබඳ තොරතුරු සඳහා ප්රවේශවීමේ හැකියාව යන දෙකම තහවුරු කරමින්, අයවැය විවාදයේදී සමගාමී සංඥා භාෂා පරිවර්තනයක් නොවැම්බර් 12 වැනිදා සිට රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන ලදී.
තවද, 2021 නොවැම්බර් 25 වන දින, තම අමාත්‍යාංශය යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව ආබාධ සහිත පුද්ගලයින්ට නිර්මාණශීලීත්වය සඳහා උපහාර පිරිනැමූයේ ඔවුන්ට වැඩි දිරිගැන්වීමක්, පිළිගැනීමක් සහ දෘශ්‍යතාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් බව ආචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
2016 දී ශ්‍රී ලංකාව විසින් ‘ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය‘ (United Nations Convention on the Rights of Persons with Disabilities (UNCRPD), අපරානුමත කරන ලදී. එහි 33 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවට ඇති කැපවීම් පිළිබඳව ද පාර්ලිමේන්තු කාන්තා සංසඳය අවධානයෙන් සිටින බවත්, ‘ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය’ ක්‍රියාත්මක කිරීම, ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අධීක්ෂණය කිරීමේ කාර්යයන් ඉටු කිරීමට ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා මූලිකත්වය ගනිමින් සිටින බවත් ආචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය. මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට රට අනුකූලද යන්න තහවුරු කර ගැනීමටද උපකාර වනු ඇත.
ශ්‍රී ලංකාවේ ආබාධිතභාවය පිළිබඳ මෑත කාලීන සංඛ්‍යාලේඛන සහ වර්තමාන ප්රවණතා පිළිබඳ අධ්‍යයනයන් මත පදනම්ව අනාගත තත්වයන් ගැන කරන ලද ඇස්තමේන්තු සැලකිල්ලට ගනිමින් ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිතයේ සෑම අංශයක්ම වඩා හොඳින් එ්කාබද්ධ වීම සඳහා අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම සහ සහයෝගය ලබාදීම පිළිබඳ සංවාදය අතිශයින් වැදගත් වූ බව සැලකිය යුතු කරුණකි. ”උදාහරණයක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, ජනගහනයේ වර්තමාන ප්රවණතා පිළිබඳ අධ්‍යයනයන් මත පදනම්ව අනාගත තත්වයක් පිළිබඳ කරන ලද ඇස්තමේන්තු මඟින් පෙන්නුම් කරන්නේ, 2040 වන විට ආබාධ සහිත පුද්ගලයන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 24% ක් වනු ඇති බවයි. පෙනීමේ දුර්වලතා, එහා මෙහා යාමේ, ශ්‍රවණාබාධ හා සංජානන දුර්වලතා ඇතුළු විවිධ ආබාධවලින් පිරිමින්ට වඩා කාන්තාවන් පීඩාවට පත්වන බව පෙන්නුම් කරන අධ්‍යයනයන් පිළිබඳවද පාර්ලිමේන්තු කාන්තා සංසඳය විශේෂ අවධානයක් යොමු කරන බව”, වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ ජුනි මස මුලදී පැවති ප්‍රතිපත්ති සංවාදයේදී සවිස්තරාත්මකව සාකච්ඡුා කරන ලද ‘ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත’ බලාත්මක කිරීම පිළිබඳ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ සාකච්ඡුා ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කාන්තා සංසඳය උත්සාහ දරමින් සිටී.
ආබාධ සහිත ළමුන් සහ ආබාධ සහිත තරුණයින් අධ්‍යාපනයෙන් ඈත් වීම ප්‍රායෝගිකව හඳුනාගෙන, අනාගතයේ ඔවුන්ට රැකියා සහ පොදු සේවා වලට සමාන අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ඇති වන බලපෑම සලකා බලා ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට රජයේ කැපවීමක් ලෙස වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ නව ආරම්භයන් සිදු කර ඇත. පාර්ලිමේන්තු කාන්තා සංසඳයෙහි සභාපතිනිය ලෙස ආචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරේ ඇයගේ අමාත්‍යාංශය යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව ආබාධ සහිත තරුණයින් සඳහා මඩකලපුවේ නවවැනි වෘත්තීය පුහුණු ආයතනය විවෘත කළ බවයි. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ ස්වභාවය වන්නේ රැකියා වෙළඳපළට ගැළපෙන පරිඳි පෞද්ගලික අංශයේ පුහුණු කිරීම මඟින් තරුණයින්ට අත්දැකීම් ලබා දීම සහතික කරවන උපායමාර්ගයයි. ”ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කැප වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවට ප්‍රවේශ වන්නන් සඳහා අනුග්‍රහය දැක්වීමට අපගේ එක් උපායමාර්ගික ප්රයත්නයක් සාක්ෂාත් කර ගනිමින්, මඩකලපුවේදී දෙමළ මාධ්‍යයෙන් පළමු වෘත්තීය පුහුණු ආයතනය ආරම්භ කළ අතර, කිලිනොච්චියේත් එවැනිම ආයතනයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටින බව” වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
එවැනි තවත් උපක්‍රමශීලී ප්රයත්නයක් වන්නේ බහු-ආංශික සේවාවන් සපයන අතරම ආබාධ සහිත දරුවන් ඉක්මනින් හඳුනා ගැනීමට පහසුකම් සැලසෙන ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථාන පිහිටුවීමයි. ”මෙවැනි දෙවන ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය අම්බලන්ගොඩදී විවෘත කෙරෙන අතර, 2022 වර්ෂයේදී තවත් දිස්ත්‍රික්ක හතරක එවැනි මධ්‍යස්ථාන පිහිටුවීමට අපි සැලසුම් කරන බව”, වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
අවසාන වශයෙන්, තේරීම් කාරක සභාව සහ පාර්ලිමේන්තු කාන්තා සංසඳය වෙනුවෙන් ආචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ, ”තව බොහෝ දුර යා යුතු බව පිළිගන්නා අතරම, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරන, යහපැවැත්ම සහ අභිමානයට ගරු කරන මෙන්ම සහාය දෙන රටක් නිර්මාණය කරමින් ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිත නගා සිටුවීමේ වගකීම වෙනුවෙන් පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු කාන්තා සංසඳය කැපවී සිටින බවයි”.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks