පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
මහාධිකරණවල විභාග කෙරෙන ළමා අපචාර වලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සිදු කළ සාකාච්ඡාවලින් පසු එකඟතාවයකට පැමිණි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.
එයට අමතරව අදාළ දිනයේදී ළමයින්ට සම්බන්ධ නඩු වලට ප්‍රමුඛතාව ලබාදීමටත් එම නඩු හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත් අදාළ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අංක 449 දරන චක්‍රලේඛය පසුගිය ජූනි 28 වැනිදා සියළු මහාධිකරණ විනිසුරුවරුන් වෙත යවා ඇති බවද සභාපතිවරයා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදීය.
මෙයට අමතරව වින්දිත දරුවන් උසාවි වලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථාන වල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද සභාපතිවරයා පැවසීය. ඊට අමතරව සජීවී දුරස්ථ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන පෙර සඳහන් කළ ස්ථාන වලම ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා විසින් වැඩිදුරටත් කාරක සභාවට දැනුම් දෙන ලදී.
ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය 2019 සම්මත වීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මේ වන විට අදාල අමාත්‍යාංශ 10 පදනම් කරගෙන ආරම්භ කර ඇති බව සභාපතිවරයා මෙහිදී පැවසීය. ළමා ආරක්ෂණයට අදාල ජාතික දත්ත පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව එළඹෙන ඔක්තොබර් මාසයේදී ජනගත කිරීම සඳහා සියල්ල සූදානම් බවද සභාපතිවරයා සඳහන් කළේය.
දරුවන් අපචාරයට ලක් කිරීම, ලිංගික හිංසනයට භාජනය කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීම ඇතුළු මෙරට දරුවන්ගේ සුරක්ෂිත යහ පැවැත්මට හානිකර ක්‍රියාවන්ට එරෙහිව පවතින නීති ශක්තිමත් කිරීමටත්, නව නීති ගෙන ඒමටත්, ළමා අපචාර සිදුවීම වැලැක්වීම පිණිස නිසි වැඩපිළිවෙලක් ආරම්භ කිරිමටත් සිය සංසදයේ නායකත්වය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ රටේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන් වෙනුවෙන් නීති සකස් කරන ආයතනය ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙසිය විසිපහට මෙන්ම රටේ සියළුම වැඩිහිටියන් වෙත වගකීමක් ඇති බව උපසභාපතිනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය. කොවිඩ් වසංගත තත්වය තුළ ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000ක් බවත් පසුගිය මාස 06 තුළදී ලැබී ඇති ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි ප්‍රමාණය 4740ක් බවත් පැවසූ මන්ත්‍රීවරිය තම සංසදයේ සාමාජිකාවන් කුමන දේශපාලන මත දැරුවත් කාන්තාවන් සහ දරුවන් විෂයේදී ඉදිරිපත් වන ඕනෑම සාධනීය තීරණයකදී කොන්දේසි විරහිතව එකාවන්ව පෙනී සිටින බවද ප්‍රකාශ කළාය.
සංසදයේ උප සභාපතිනීයන් වන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළේ ළමා අපයෝජන සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී යම් වාරණයක් අවශ්‍ය බවත් වත්මන් මාධ්‍ය තුළ අපයෝජන වාර්තාකිරීමේ ක්‍රමය වින්දිත දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් තව තවත් අපහසුතාවයට ලක් කරන්නක් නිසාවෙන් මාධ්‍ය වාර්තා කිරීමේ ක්‍රමවේදය මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධව සමාජ මාධ්‍යජාලාවන්හි ක්රියාකාරීත්වයද නියාමනය කිරීම අත්‍යවශ්‍ය බවයි. විශේෂයෙන් වින්දිත දරුවාගේ අනන්‍යතාවය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරිම වැලැක්වීම සහ ළමා අපචාර සම්බන්ධ නෛතික ක්‍රියාවලියට අදාළ තොරතුරු මාධ්‍ය මගින් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම වැලැක්වීමේ වැදගත්කමද මන්ත්රීවරුයෝ අවධාරණය කළහ.
වයස අවුරුදු 18ට අඩු කිසිදු ගැහැණු හෝ පිරිමි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාමක කිරීම, ළමා අපචාර සම්බන්ධව නීති රීති ක්‍රියාත්මක කිරිම මෙන්ම ළමා අපචාර වැලැක්වීම පිළිබඳ සමාජ දැනුවත්භාවය වැඩි දියුණු කිරිම බිම් මට්ටමින් සිදු කිරිම සහ ළමා ආරක්ෂණයට අදාළ සමහර ඉතා පැරණි නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම මෙන්ම ඊට අදාළ සියළුම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමද අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි.
ළමා අපචාර සිදුවීම වැලැක්වීම, එම ක්‍රියාවලිය නියාමනය කිරීම සහ ළමා අපචාර වැලැක්වීමේ දිගුකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම පිණිස දෙමාපිය දැනුවත්භාවය ඇති කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා වෙනම සමාජසේවා දෙපාර්තමේන්තුවක් පිහිටුවීමේ මෙහිදී අවශ්‍යතාවයද සාකච්ඡා කෙරිනි.
මෙම රැස්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනීයන් වන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න, එහි සාමාජික මන්ත්‍රීවරියන් වන ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩයනා ගමගේ මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සහ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු ළමා ආරක්ෂණයට අදාල ආයතන රැසක නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks