පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
මැතිවරණ හා ජන්ද නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී කාන්තාවන්ට, පාර්ලිමේන්තුව,පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වල නිසි නියෝජනයක් ලැබෙන ලෙස එම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
මෙරට මහජන නියෝජිත ආයතන නියෝජනය කරන කාන්තාවන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ඉතා පහළ අගයක් ගන්නා බව පැවසූ වන්නිආරච්චි මහත්මිය ආසියාවේ සෙසු රටවල් ශ්‍රී ලංකාව අභිබවා ඇතැයිද සඳහන් කළාය.
ඇය මේ බව සඳහන් කළේ මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහය සහ නීතිරීති සංශෝධනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි 21 වැනි දින පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.
යෝජිත ප්‍රතිසංස්කරණවලදී එම ගැටලුව විසදීමට සාධනීය පියවරක් අනුගමනය කරන ලෙසද අමාත්‍යවරිය ඉල්ලා සිටියාය.
එමෙන්ම තේරීම් කාරක සභාවක් නියෝජනය කිරීමට මන්ත්‍රීවරියන්ට ඇති අවස්ථාව ඉතා අවම බවත් , තමන් මෙම කාරක සභාවට පත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks