E   |     |  

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ආයේෂා ජිනසේන මහත්මියගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් ඇයට ශ්‍රී ලංකාවේ නීතිපති ධුරයට පත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ගරු කථානායකවරයාට ලිපියක්.

අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති.
2024 ජූලි 9.

අතිගරු ජනාධිපතිතුමනි,

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කිරීම.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මියගේ ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් නොසලකා වැඩ බලන නීතිපති තනතුර උදෙසා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස අපගේ කනස්සල්ල පළ කරන අතර ඒ උදෙසා මෙම ලිපිය අප සංසදය වෙනුවෙන් ඔබ තුමන් වෙත් යොමු කිරීමට කටයුතු කරමි.

සමස්ත ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ නීතිපති ධූරයට මෙතෙක් එක් කාන්තාවක් පමණක් පත්ව තිබීමත්, ඒ හේතුවෙන් නායකත්ව භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම වීම තවදුරටත් උග්‍රවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිය කණගාටුව ප්‍රකාශ කර සිටී. වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් වන කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සැලකිල්ලට ගැනීමේ දී, මෙම පත්වීම ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට අසමාන ලෙස සැලකීම තුරන් කිරීමට රජය දරන උත්සාහයන්ට සෘජුවම පටහැනි වන්නකි. විශේෂයෙන්ම, එය අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් මෑතකදී සම්මත කරන ලද කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ හරයට ද පටහැනි වන්නකි.

එබැවින් මෙම ඉල්ලීම සලකා බලා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මියගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ නීතිපතිවරිය ලෙස කටයුතු කිරීමට එතුමියට අවස්ථාව ලබා දීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම කෙරෙහි ස්‍රී ලංකාවේ ඇති කැපවීම යලි තහවුරු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස අප රජය වෙතින් උදක්ම ඉල්ලා සිටින්නෙමු.

මෙම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් හිමිවනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

ස්තූතියි.
මෙයට විශ්වාසි,

වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ (MBBS, MSc, MD – ප්‍රජා වෛද්‍ය විද්‍යාව),
පාර්ලිමේන්තු මන්ත්‍රී,
සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සන්සදය.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks