07

E   |     |  


ආර්. සෙන්ට් එල්. පී. දැරණියගල මහතා

ආර්. සෙන්ට් එල්. පී. දැරණියගල මහතා

රැල්ෆ් සෙන්ට් ලුවිස් පීරිස් දැරණියගල, සී.බී.ඊ. මහතා, ශ්‍රීමත් පෝල් එඩ්වඩ් පීරිස් සහ ඔබේසේකර පීරිස් ආර්යාව යන මව්පිය දෙපළගෙන් යුත් පවුලක උපන්නෙකි. දැරණියගල මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට බලා යාමට පෙර පාසල් අධ්‍යාපනය සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට පිවිසුනේය. කේම්බ්‍රිජ් හි ත්‍රිත්ව විද්‍යාලයට පිවිසි ඔහු , එහිදී සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. 22 වන වියට පත්වත්ම, නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඔහු නීතිඥයෙකු බවට පත් විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමු ලේකම්වරයා බවට පත්වීමට පෙර රජයේ නීතීඥයෙකු (Crown Counsel) බවටත් පත් වූ ඔහු සිය වෘත්තීය කටයුතු ඉතා ඉහළින් ඉටු කළේය. 1947 ජූලි මාසයේදී ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ලේකම්වරයා බවට පත් විය. 1964 ඔක්තෝම්බර් මසදී සේවය අවසන් කරන තුරුම, රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය බවට පත් වන විට පවා ඔහු මෙම රාජකාරියේ අඛණ්ඩව යෙදෙමින් සිටියේය. මේ අතරවාරයේදී, ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ MBE, OBE සහ CBE වැනි ගෞරව නම්බු නාම ලබා ගත්තේය. දැරණියගල මහතා වසර දාහතක් පාර්ලිමේන්තුවට සේවය කළේය. ඔහු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම ලේකම්වරයා වූ අතර පසුව එහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූයේ අතර වසර 17 කට වැඩි කාලයක් එලෙස සේවය කරමිනි. සෑම විටම වෙහෙස මහන්සි වී වැඩ කරමින්, විනයගරුකව කටයුතු කරමින්, කුඩා වුවද වැදගත් වුවද සෑම කාරණයකටම අවධානය යොමු කරමින් ඔහු සිය කාර්යයට සැබවින්ම කැපවී සිටියේය. අතිමහත් ගෞරවයට පාත්‍රව ඇති ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතම ලේකම්වරයා ලෙස වැදගත් තනතුරක් හොබවා ඇත. විශේෂයෙන් ආණ්ඩුවේ විශාල වෙනස්කම් සිදුවෙමින් පවතින විට, දැරණියගල මහතාට ඇතැම් දුෂ්කර කාලවලට මුහුණ දීමට සිදු විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව පාර්ලිමේන්තුවක් බවට පත් වන විටත්, අදාළ කණ්ඩායම් පාර්ලිමේන්තු සභාවේ භාෂාව ලෙස ස්වභාෂාව භාවිත කිරීමට පටන් ගන්නා අවස්ථාවේ ඔහු සිය සහයෝගය ලබා දුන්නේය. මෙම සියලු අභියෝග මධ්‍යයේ වුවද දැරණියගල මහතා තම කාර්යය ඉතා විශිෂ්ඨ අයුරින් ඉටු කරමින් සියලු රටවැසියන්ගේ ගෞරවාදරය දිනා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් සැබවින්ම වැදගත් සේවයක් ඉටු කළ අතර ඔහුගේ මතකය අදටත් ජනතාවට ආස්වාදයකි.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks