07

E   |     |  

ආසන පහසුකම්

සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ට ආසන පහසුකම් සලසා ඇත්‌තේ ‌මේස සහිතව තට්ටු‌වෙන් තට්ටුව උස් වන පරිදි සවි කළ ආසන මගිනි. සභා ගර්භය තුළ වායු සමීකරණ පහසුකම් ද සහිතව මන්ත්‍රීවරුන් 232 ක් සඳහා ආසන පනවා ඇත. ඔවු‌නොවුන්ට හිමි ආසන ප්‍රමාණය පදනම්කර ගනිමින් ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් සඳහා සභාව තුළ ආසන පනවා ඇත. ආණ්ඩු පක්ෂය මූලාසන‌යේ දකුණු පසින් ද, විපක්ෂ ‌දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වම් පසින් ද, සිටින ‌සේ සභා ගර්භය තුළ අසුන් පනවා ති‌බේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වසර පහක කාල සීමාවක් සඳහා තෝරා ගත් මන්ත්‍රීවරුන් දෙසීය විසිපස් දෙනෙකු‌ගෙන් පාර්ලිමේන්තුව සමන්විත විය යුතුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 සහ 99 ව්‍යවස්ථාවල පාර්ලිමේන්තුවේ සංයුතිය පෙන්වා දී තිබේ. මන්ත්‍රීවරුන් 196 දෙ‌නෙකු ජනතාව විසින් මහ මැතිවරණයක දී ‌කෙළින්ම ‌තෝරා පත් කර ගන්නා අතර එවන් මහ මැතිවරණයකදී තරග වදින එක් එක් දේශපාලන පක්ෂය ‌හෝ ස්වාධීන කණ්ඩායම ඔවුන් අතර ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඉතිරි ආසන 29 බෙදා හරිනු ලැබේ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks