07

E   |     |  

සෙංකෝලය

පාර්ලි‌මේන්තු‌වේ බල අධිකාරියේ සං‌‌කේතය වන ‌සෙං‌කෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී ලංකා‌වේ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය ‌වෙත ප්‍රදානය කරන ලදි. එහි බර රාත්තල් 28 ක් වන අතර දිගින් අඟල් 48 වේ. ‌සෙං‌කෝලය නිර්මාණය කර ඇත්‌තේ, කළුවර යෂ්‌ටියකින් සහ රිදි‌යෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික් වලින් එය අලංකාර කිරී‌මෙනි. ‌සෙං‌කෝලය පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද, පාර්ලි‌මේන්තුව තුළින් කථානායකවරයා‌ගේ බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද පැවතී ඇති බැවින්, පාර්ලි‌මේන්තුවට සෙං‌කෝලය ‌නොමැතිව රැස්විය ‌නොහැකි ‌වේ. සෙං‌කෝලය රැ‌ගෙන යන ‌වේත්‍රධාරී මහ ‌ලේකම්වරයා සහ ඔහු‌ගේ නි‌යෝජ්‍ය නිලධාරීන් ද ‌පෙරටු කොට කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත් සභා ගර්භ‌යෙන් පිටවීමත් සිදු ‌වේ.

පාර්ලි‌මේන්තුව රැස්‌වෙන අවස්ථාවල දී ‌වේත්‍රධාරී විසින්, පාර්ලි‌මේන්තුවේ මහ ‌ලේකම්වරයා‌ගේ ‌මේසයට ‌කෙළින්ම පහලින් පිහිටා ඇති ආධාරකයක් මත ‌සෙං‌කෝලය තැන්පත් කර තබනු ලැ‌බේ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks