07

E   |     |  

ගැලරි

සභා ගර්භ‌යේ ඉහළ ‌කොට‌සේ මහජන ගැලරි සහ පුවත්පත් වාර්තාකරුවන්ගේ ගැලරිය පිහිටා ති‌බේ. කථානායකවරයා‌ගේ ආසනයට ‌කෙළින් ම ඉදිරි‌යෙන් ආසන 96 කින් සමන්විත කථානායකවරයා‌ගේ ගැලරිය පිහිටා ඇති අතර, එය සම්භාවනීය අමුත්තන්ට ‌වෙන් කර ඇත. කථානායකවරයා‌ගේ අසුනට උඩින් පිහිටා ඇති ගැලරි‌යේ පුවත්පත් වාර්තාකරුවන් 64 දෙනෙකු සඳහා ඉඩකඩ සලසා ඇත. මීට අමතරව 600 දෙනෙකුට පමණ ආසන පහසුකම් සලසා ඇති මහජනතාව ‌වෙනුවෙන් ‌වෙන් කරන ලද තවත් ගැලරි 3ක් ති‌බේ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks